• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මානව සෞඛ්‍ය සුරැකීමට රජයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි- ජනපති

5 June 2021
in දේශීය

මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එවැනි ප්‍රතිපත්ති පාරිසරික සංරක්ෂණයට සහාය විය යුතුය. එමෙන්ම ජෛව විවිධත්වය විනාශ වීම වැළැක්වීමට සහ වඩාත් තිරසර ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට ජනතාවට සහායක් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (04) පස්වරුවේ ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂිපරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

දේශගුණික විපර්යාස, මානව වර්ගයා මුහුණ දෙන බරපතල ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි බලපෑම අවම කිරීමට සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළේය.

කෘතිම පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජය ගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්ත පද්ධතියක් සඳහා සංක්‍රමණය වීමට තිබූ දිගුකාලීන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

කෘතිම පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරිත ආර්ථිකයකට හා සෞඛ්‍ය සම්පන්න ජන සමාජයකට ඉවහල් වන අතර දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභිලාෂයන්ට සහාය දෙනු ඇතැයි ජනාධිපතිවරයා විසින් සඳහන් කරනු ලැබිණ.

ශ්‍රී ලංකාවේ මෙම මුලපිරීම අනිකුත් රාජ්‍යයන්ගේ සහ එම ජාතීන්ගේ පොදු යහපත පිණිස සමාන නිර්භීත ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

 

Post Views: 20
Previous Post

ජනාධිපතිවරයා දුරදිග නොබලාගත් තීන්දුව නිසා ගොවියන් අමාරුවේ – ජවිපෙ

Next Post

ජනතාවට ලබා දෙන මුල්‍යාධාර උපරීම සාධාරණත්වයෙන් ලබා දෙනවා – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

ජනතාවට ලබා දෙන මුල්‍යාධාර උපරීම සාධාරණත්වයෙන් ලබා දෙනවා - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved