27 April 2024
#දේශීය

ජනතාවට ලබා දෙන මුල්‍යාධාර උපරීම සාධාරණත්වයෙන් ලබා දෙනවා – ඇමැති කෙහෙලිය

කොවිඩ් ව්‍යසනය පවතින අවස්ථාවේදී ජනතාවට ලබා දෙන මුල්‍යාධාර උපරීම සාධාරණත්වයෙන් ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්කවැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් ව්‍යසනය පාලනයට මෙන්ම ඒ ආශ්‍රිත ජනතා සුභ සාධන ක්‍රියාවලිය උදෙසා රජය රුපියල් බිලියන දෙසිය අසු හයක මුදලක් වැය කර ඇති බවයි.

ඒ අනුව පවුලකට රුපියල් පන්දහසේ මුල්‍යාධාර ලබා දීම සඳහා රුපියල් බිලියන අසුවක්ද, අලුත් අවුරුදු සමයේදී තවත් රුපියල් බිලියන පහලොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක් වශයෙන් ජනතා සුභසාධන ක්‍රියාවලිය උදෙසා මුදල් වැය කර ඇති බව හෙතෙම පැවසිය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජිවන් තොන්ඩමන්, මන්ත්‍රී රෝහණ දිසානායක, ප්‍රමිත තෙන්නකොන් වැනි අය සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *