27 April 2024
#දේශීය

මහනුවර අයගේ හැසිරීම ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට

කොරෝනා වෛරස් තත්ත්වය මැඩ පැවැත්වීමට පනවා තිබු ඇදිරි නීති තත්වය ලිහිල්කිරීමත් සමග ජනතාව රජය විසින් ලබාදුන් උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් මහනුවර නගරයේ සංචාරයක (11) නිරත විය.

එහිදී මහනුවර නගරයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයකම සංචාරයේ නිරත වෙමින් ජනතාව රජයේ උපදෙස් හරියාකරව පිළිපදින්නේද යන්න නිරීක්ෂණය කරමින් ජනතාව සදහා උපදෙස් ලබා දිම සිදු කළේය.

අනතුරව ආණ්ඩුකාරවරයා ලංකා සතොස මහනුවර ශාඛාව වෙත ගොස් ප්‍රමාණවත් භාණ්ඩ පවතින්නේද යන්නද විමසීමට දකටයුතු කළේය. මේ සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුලු පිරිසක් ද එක් විය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *