27 April 2024
#දේශීය

නුසුදුසු බීලුණු තොගයක් සමඟ සිව්දෙනෙකු මාතලේදී අත්අඩංගුවට

‍‍මාතලේ ත්‍රිකුණාමල විදියේ වෙළදසැලක මිනිස් පරිභෝජනයට නුසුදුසු බි ලුනු කිලෝ 4000 ක තොගයක් සුද්ධ කරමින් සිටි සිව්දෙනෙකු මාතලේ මහ නගර සභාවේ වැටලිම් ඒකකය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයින් සිව් දෙනා යොදා ගනිමින් මෙම ස්ථානයේ නරක්වු ලුනු සුද්ද කොට හොද ලුනු වලට කලවම් කරමින් වෙලදපොලට නිකුත් කරන බවට මාතලේ මහ නගර සභාවේ වැටලිම් ඒකකයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලිම සිදු කළේය.

මෙම ලුනු තොගය විනාශ කර දැමිමටත් මෙම පුද්ගලයින්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පැවරිමට කටයුතු කරන බවද නිලධාරියකු පැවසිය.

මාතලේ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුවන් වන අමිල රත්නායක,නිලංග සෝමරත්න යන මහත්වරුන් සමග වැටලිම් ඒකකයේ අසංක ප්‍රනාන්දු.කේ.ටි සෝමරත්න යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

 

මාතලේ  වාර්තාකරු – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *