• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාරිභෝජනයෙන් මිදි ආයෝජන රටාවකට යොමුවිය යුතුයි –  මන්ත්‍රී සාගර 

17 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කිසියම් රටක් ණය මුදල් ලබාගෙන එය පාරිභෝජනය කිරීම එම රටේ හෝ ජාතියේ දියුණුවට හේතුවක් නොවන බවත් අප පරිභෝජනයෙන් මිදි ආයෝජනය සඳහා එම මුදල් යෙදවිය යුතු බව පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “නිදහසින් පස්සේ අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා ගිය රටක්. අපි මේ වන විටත් 17 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම මතම දියුණු වෙනවා, රටවල්වල ප්‍රශ්න අවසන් වෙනවා කියලා හිතනවා නම් මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ලද පමණින් රටවල් දියුණු වෙන්නේ නැ කියලා ලෝකයේ විශාල ලෙස උදාහරණ තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව තමයි අපි රටක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් ආයතනවලින් ණය ලබාගත්තාම අපි කළේ ඒ ණය මුදල් අරගෙන රටේ ජනතාවගේ පාරිභෝජනය සඳහා යෙදවීමයි. යම්කිසි රටක් ණය මුදල් ලබාගෙන එය පාරිභෝජනය කරනවානම් එය රටේ හෝ ජාතියේ දියුණුවට හේතුවෙන්නේ නෑ. ඉතින් අපි මෙය පරිභෝජනයෙන් මිදිලා ආයෝජනය සඳහා යෙදවිය යුතුයි. අපි හිතන්නේ රටක් හැටියට අපේ රට විදේශ ණය ලබාගෙන ඒ ණය මුදල් වලින් රටේ ආයෝජනය ඇති කරපු කාලය හැටියට ඉතිහාසයේ සඳහන් වන්නේ 2005 සහ 2015 දශකයන් පමණයි. මොකද අනිත් කාලයන්වල අපි වැඩි හරියක් කරලා තිබෙන්නේ ගත්ත ණය මුදල් ජනතාවගේ පාරිභෝජනය සඳහා වැය කිරීම මිසක් රටේ ආයෝජනය සඳහා වැය කිරීම නොවේ. දැන් නැවතවතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සහයෝගය ලබාගැනීම සඳහා පෙළඹිලා තිබෙනවා ඇති වෙච්ච තත්වයන් යටතේ. අපි පහුගිය කාලයේ උත්සහ කළේ තවදුරටත් ණය මුදල් ලබාගන්නේ නැතිව මේ රට ඉදිරියට ගෙනියන්න, සංවර්ධනය කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒ අවස්ථාවේදී අපි ගත්ත සමහර වැරදි තීන්දු බලපෑවා. අපි රටක් විදිහට මේ අවස්ථාවේදී දැඩිව ආර්ථික ප්‍රතිපත්තියකට ගියොත් ආයෝජනය සඳහා මේ මුදල් යොදවනවා කියලා අපි රටක් හැටියට ගොඩඑන්න පුළුවන් වේවි. නමුත් අපි මේ මුදල් පරිභෝජනය සඳහා යෙදවුවහොත් නැවතත් සිදුවෙන්නේ තව අවුරුදු 04න් 05 න් පස්සේ ඝෘණ ගෙවුම් ශේෂයක් මත නැවතත් මේ සුපුරුදු අමාරුවේ වැටෙන්න. ඒ නිසා අපි එවැනි වැඩපිළිවෙළකට අවතීරණ නොවි, ආයෝජන අවස්ථා සඳහා අවතීරණ වෙන්න කාලය එළඹිලා තිබෙනවා. නමුත් මේ වන විට එවැනි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන පක්ෂයක් හැටියට අපි දකින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරයි. වෙනත් කිසිදු පක්ෂයක් රටට එවැනි වූ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව පෙනියන්නැති කාරණයක්. ඉතා කණගාටු තත්වයක්. රටක් හැටියට අපි ඉදිරියට යන්න නම් සියලු පක්ෂ එකතුවෙලා මේ පාරිභෝජන තත්වයෙන් මිදිලා ආයෝජන රටාවකට යොමුවිය යුතුයි කියන මතය ජනතාවගේ සිත තුළ ඇති කළොත් රටක් විදිහට අපිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන් වෙයි.” යනුවෙන් මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කළේය.

Post Views: 5
Previous Post

රිවස්ටන් හා නකල්ස් ප්‍රදේශවලදී ඇටි කෙසෙල්

Next Post

අනියම් සම්බන්ධය හේතුවෙන් පුද්ගලයෙකු මරුට

editor

editor

Next Post

අනියම් සම්බන්ධය හේතුවෙන් පුද්ගලයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved