27 April 2024
#දේශීය

රිවස්ටන් හා නකල්ස් ප්‍රදේශවලදී ඇටි කෙසෙල්

මාතලේ රත්තොට රිවස්ටන් හා නකල්ස් ප්‍රදේශය ආශ්‍රිතව මේ දිනවල ඇටි කෙසෙල් ඇති අතර ඉදුුණු ඇටි කෙසෙල් කැන් කිහිපයක්ම දැක ගැනිමට හැකි විය.

ඇටි කෙසෙල් කියු සැණින් මතකයට නැගෙන්නේ ප්‍රස්ථාපිරුළකි.ඒ ඇටි කෙසෙල් කැ උගුඩුවා වගේ කියාය.ඉතා අධික පැණි රසකින් යුක්ත හා කෙසෙල් ගෙඩියේ ඇට වැඩියෙන් තිබෙන අතර උගුඩුවන් විසින් කෙසෙල් කා දිරවා ගත නොහැකිව සහ අධීක පැණි රසය නිසා මත්වි සිටිම නිසා මෙම ප්‍රස්ථා පිරුළ සැදි ඇති බව ගැමියන්ගේ අදහසයි.

මිට අමතරව බුදු දහමේ සදහන් වන අෂ්ට පාන අතුරින් චෝච පානය සදහා යොදා ගනු ලබන්නේ ද ඉදුණු ඇටිකෙසෙල් ගෙඩි ඇල් දියෙන් මැඩ කළ පානය ය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *