27 April 2024
#දේශීය

අනියම් සම්බන්ධය හේතුවෙන් පුද්ගලයෙකු මරුට

ඇන්දාන, මඩලගම ජනපදය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙකුට පොල්ලකින් පහර දීම හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුගිය 16 වනදා අළුයම කාලයේදී මෙම පහරදීම සිදුව ඇති අතර තුවාල ලැබු පුද්ගලයා කහවත්ත රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17) අළුයම කාලයේදී මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 39 ක් වු කහවත්ත ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. සැකකරුව මේ වන විට ඇන්දාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය පුද්ගලයා හා සැකකරුගේ බිරිඳ අතර පැවැති අනියම් සම්බන්ධතාවයක් මත මෙම ආරවුල ඇතිව ඇති බව පොලිස් විමර්ශණවලදී අනාවරණ වී ඇත.

සැකකරු ඊයේ (17) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අතර අතර ලබන 25 වනදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඇන්දාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *