දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව නගා සිටුවීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන රුපියල් මිලියන 865.79ක දැවැන්ත සහන වැඩපිළිවෙළ යටතේ, හලාවත දිස්ත්‍රික්කයේ ධීවරයින් සඳහා සහන පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (23) හලාවත ධීවර වරායේදී පැවැත්වුණා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, කුණාටුවෙන් පූර්ණ හානි වූ යාත්‍රා 11ක් වෙනුවෙන් නව යාත්‍රා පිරිනැමීම සංකේතාත්මකව ආරම්භ කෙරුණා. මීට අමතරව, අලුත්වැඩියා කරන ලද යාත්‍රා 14ක් සහ නව දැල් ආම්පන්න ධීවරයින් වෙත බෙදා දීම ද අමාත්‍යවරයා අතින් සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, වර්තමාන ගෝලීය අර්බුද හමුවේ වුවද රජය ජනතාව තනි නොකරන බවයි. පැරණි දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද සහ වැටුප් කප්පාදු කිරීම හරහා ඉතිරි කරගන්නා මුදල් මෙලෙස ජනතාවගේ සුභසාධනය සඳහා යොදවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.















