දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී සේවා හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට පොලිස්පතිවරයා අවසර ලබා දී තිබේ.
ඒ සම්බන්දයෙන් සියළු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම සේවා හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ ලිපියක් අවශ්‍ය නොවන බව ද එම නිවේදනය මඟින් දක්වා තිබේ.