27 April 2024
#ව්‍යාපාර

දේශිය ගෙවියාගේ සියළුම එළවළු තොග හෙට රජය විසින් මිලදී ගැනේ

දේශීය එළවළු ගොවියාගේ සියලුම එළවලු තොග හෙට ( 11) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

අමාතවරයා මේ බව පැවසුවේ අද (10) දින පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එම එලවළු මිලදී ගැනීම් විශේෂ මිලගණන් යටතේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවයි.

දඹුල්ල්ල ගම්උදාව ක්‍රිඩාපිටිය, දඹුල්ල පරණ සති පොළ භූමිය, විහාරය රථ ගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල, ගලේවෙල ක්‍රිඩාංගණය, දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ,ලග්ගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, වීල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය නාවුල අලුගොල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවලදී හෙට 11 දින උදේ සිට සවස් වනතුරුම ගොවීන් රැගෙන එන එළවලු තොග සියල්ලම රජය මිලදී ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *