• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දෛනික කටයුතුවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක විය යුතුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

8 January 2021
in දේශීය

දැනට දිවයින තුල පවතින කොවිඩ්-19 වසංගත තත්වයත් සමග රට තුල දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පෙන්වා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (08) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති කොවිඩ්-19 මර්දනය සදහා වූ ක්‍රියාකාරී හා සමාලෝචන කමිටු රස්වීමේ දී මෙම කරුණු අනාවරණය විය.

සංචාරක කර්මාන්තය නගා සිටුවීම අරමුණු කොටගෙන විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී ලබාදෙන මාර්ගෝපදේශයන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලදි.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කොවිඩ් මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය මෙන්ම අනෙකුත් සියළුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින් ද ලබාදිය යුතු බවත්, එම සියළු ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම තුලින් මෙම වසංගත තත්වය රටින් තුරන් කිරීමට හැකියාව ලැබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරියට සෞඛ්‍ය බලධාරින් මෙහිදී පෙන්වා දෙන ලදි.

නවතම දත්ත අනුව මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 72 ක ගිලන් ඇඳන් 13,000 කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සදහා වෙන් කර ඇති බවත්, හික්කඩුව සහ කොග්ගල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික හෝටල් 02 ක් ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කොට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කොට ඇති අතර, එහි ඇදන් ධාරිතාව 220 ක් බව ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම මෙම සෑම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුලින් ම බැහැර කරනු ලබන අපද්‍රව්‍ය T.C.L යොදා පිරිපහදු කොට මලාපවහන පද්ධති මගින් පමණක් බැහැර කිරීමට කටයුතු කර ඇති බැවින් නොයෙකුත් පිරිස් විසින් ප්‍රචාරය කරනු ලබන දුර්මත වලට නොරැවටෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් අල්විස් මහතා, අධ්‍යක්ෂ ජනරාල්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරු ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවධානය – අධ්‍යාපන ඇමැති

Next Post

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යලි ආරම්භ වෙයි

editor

editor

Next Post

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යලි ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved