27 April 2024
#දේශීය

ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවධානය – අධ්‍යාපන ඇමැති

ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඊට අදාළව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ජා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රටතුළ මේ වන විට දැඩි ව්‍යාකූල තත්ත්වයක් පවතින බවත්, මෙම ගෝලීය ප්‍රශ්නයෙන් මිදීමට රජය ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ගැටලුව විසදීම සඳහා පියවරෙන් පියවර කටයුතු කරන බවත්, තුලනාත්මක වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *