මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ 17 වනදා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි ජියෝන් චං ( Julie Jiyoon Chung) මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේ දී හමු වු අවස්ථාවේදිය.
ඒ සඳහා වන වැඩපිළිවෙල අදාළ ආයතන තුළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවතින බව ද ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ කාර්යක්ෂමතාවයක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගත වෙමින් තිබූ බවත් ඒ සඳහා ගතවන කාලය මේ වන විට අවම තත්ත්වයකට ගෙනවිත් ඇතැයිද අනුමැතීන් 18ට යොමු කළ මෙම ක්‍රියාවලිය අදාළ වෘත්තිකයන්ගේද අදහස් සමගින් මේවන විට අඩු කර ඇතැයිද මෙහිදී පැවසූ අමාත්‍යවරයා ගුණාත්මකභාවය , ගබඩා පහසුකම් ආශ්රිත සුරක්ෂිතභාවය ආදිය පිළිබඳ එහිදී වැඩි සැලකිල්ලක් දක්වන බවත් පෙන්වා දුන්නේය.