27 April 2024
#දේශීය

IMF ණය ගැන නිල ප්‍රකාශයක් ලබන 20 වනදා – රාජ්‍ය ඇමැති රංජිත්

IMF විස්තීරණ ණය මුදල පිලිබඳ නිල ප්‍රකාශය 20 වෙනිදා රාත්‍රි ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.‌

එමෙන්ම ඒ පිලිබඳ එකඟතාවයන් පිලිබඳ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව හෙතෙම පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(18) රුවන්වැල්ල දී පැවති මාධ්‍ය හමුවකදීය.

එම එකඟතාවයන් පිලිබඳව වෙබ් අඩවියේ පල කළ වහාම ජනාධිපතිවරයා ඒ පිලිබඳව සියළු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එය බොහෝ විට ලබන සතියේදී සිදුවිය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ 2022 වසරේදී ආර්ථික වාර්ධන වේගය සෘණ 7.8 ක් වශයෙන් පැවතීම ඉතා බැරෑරුම් තත්ත්වයක් බවයි. එය මේ වසරේ සෘණ 3 ක තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම පසුගිය වසරේ සෘණ 12.4 ක් වූ අවසන් කාර්තුවේ ආර්ථික වාර්ධන වේගය නිවැරදි ආකාරයෙන් කළමනාකරණය නොකළා නම් එය මේ වසරේ පළමු කාර්තුවේ සෘණ 20 දක්වා වූ අගයකට ගමන් කළ හැකිව තිබූ බවත් , එය ලොකයේ කිසිදුරටක් මුහුණ නොදුන් තත්ත්වයක් වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත් 2024 වර්ෂයේදී එය ධන ආර්ථික වර්ධනයක් බවට පත් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *