• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්න – ජනපති

26 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි.

සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීම රජයේ ඉලක්කය වී තිබේ. මේ වන විටත් මෙගා වොට් 700කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමේ හැකියාව පවතී. එහෙත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බව ජනතා මතය යි. එය නිවැරදි කරමින් පවතින විදුලි අර්බුදය විසඳීමට ප්‍රායෝගිකව දායක විය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කරගැනීමේ දී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට අද (26) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දීය.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය, ලොව බොහෝ රටවල ප්‍රධාන උපායමාර්ගය වී තිබේ. එය අනුගමනය කරමින් පවතින විදුලි අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති යොදාගැනීම සිදු විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටි.

ප්‍රධාන විදුලිබල පද්ධතියේ දැනට පවතින ධාරිතාව මත මෙගා වොට් දහසකට ආසන්න නව විදුලි උත්පාදනයක් එක්කර ගත හැකි බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) පී.ඩබ්. හෙන්දහේවා මහතා පෙන්වා දෙනු ලැබීය.

ඛනිජ තෙල් යොදාගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් සියයකට සහ ගල් අඟුරු යොදා ගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් පනහකට අධික පිරිවැයක් දැරීමට සිදු වේ. ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමෙන් ඩොලර් බිලියන 300කට අධික මුදලක් වාර්ෂිකව ඉතිරි කරගත හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේය.

තාප බලයෙන් විදුලි උත්පාදනයට මසකට ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වේ. ඒ අනුව පවතින මිල ගණන් යටතේ තවදුරටත් විදුලිය සැපයීම දුෂ්කර කාර්යයක් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දුන්නේය.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය සඳහා පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැඟිලිවල වහල ප්‍රයෝජනයට ගැනීමෙන් විශාල භූමි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

රනිල්ගේ මංගල අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට කැපිල්ලක් !

Next Post

මාතලේ පොහොර සියයට 73ක් බෙදා අවසන්

editor

editor

Next Post

මාතලේ පොහොර සියයට 73ක් බෙදා අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved