27 April 2024
#දේශීය

රනිල්ගේ මංගල අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට කැපිල්ලක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාව අනුව ආරක්ෂක අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීමට නියමිත බව වාර්තා වේ. 

අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට අයවැය මගින් වැඩිම මුදලක් පසුගිය කාලයේදී වෙන් වුවද මෙවර එය වෙනස් විය යුතු බවයි.

මෙවර සෞඛ්‍ය අංශයට හා අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කල යුතු බව අගමැතිවරයා පවසා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පවතින ආර්ථිකය තුල යම් ආකාරයේ අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීම් අනිවාර්යෙන්ම සිදු කල යුතු තත්ත්වයක් ඇතිව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *