27 April 2024
#දේශීය

මාතලේ පොහොර සියයට 73ක් බෙදා අවසන්

මාතලේ දිස්ත්‍රික්කයේ යල කන්නය සදහා පොහොර අවශ්‍යතාවයෙන් 73%ක් මේ වන විට බෙදා හැර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.එස් විජේකෝන් මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ යල කන්නය සදහා හෙක්ටයාර් 17458ක් වගා කිරීමට සැලසුම් කොට ඇති අතර ඒ සදහා ඝන කාබනික පොහොර හා දියර පොහොර ලබාදීම සිදුකරයි. බයෝපුඩ් හා ඇක්ටිමෝ යන පුද්ගලික සමාගම දෙක මගින් දිස්ත්‍රික්කයේ කාබනික ඝන හා දියර පොහොර ලබාදීම සිදුකරනු ලබයි.

ඝන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 8729ක් හා දියර පොහොර ලීටර් 305527ක අවශ්‍යතාවයක් පවතින අතර මේ වන විට ඝන පොහොර මෙට්‍රික් ටොන් 6437ක් හා දියර පොහොර ලීටර් 233825ක් දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23ක් සදහා දැනටමත් බෙදා හැර තිබෙන බවත් සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *