• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් රෝගය සම්ප්‍රේශණය වීම තුරන් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවත්..

4 December 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV (මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය) සහ සිෆිලිස් රෝගය සම්ප්‍රේෂණය වීම තුරන් කල රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් රෝගය සම්ප්‍රේශණය වීම තුරන් කල රටක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

2015 සැප්තැම්බර් මස පැවැති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී සම්මත කරගත් 2030 වසර සඳහා වන තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ අඩංගු තිරසාර සංවර්ධන ඉලක්ක 17 අතුරින් 3 වන ඉලක්කය යහපත් සෞඛ්‍ය සහ සුවතාව ලෙස නම් කර ඇත. තිරසාර සංවර්ධනයක් උදෙසා සෞඛ්‍ය සම්පන්න දිවියක් සහ ශාරීරික සුවතාවය අත්‍යවශ්‍ය බවත් එය රටක වත්මන් සහ අනාගත අභිවෘද්ධිය සඳහා වැදගත් වන බවත් සඳහන් කල යුතුය. පෝලියෝ, මැලේරියාව සහ සරම්ප යන රෝග ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම මඟින් නව ජන්ම, ළඳරු සහ ළමා මරණ අනුපාතයන් සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ වාර්තා අනුව 2018 අග වන විට මවගෙන් දරුවාට සම්ප්‍රේශණය වූ HIV ආසාධිත දරුවන් 85 දෙනෙකු වාර්තා වී ඇත. වාර්ෂිකව සංජානනීය සිෆිලිස් රෝගයට ගොදුරු වූ දරුවන් අලුතින් වාර්තා විය. වර්ෂ 1954 දී සංජානනීය සිෆිලිස් රෝග මර්ධන වැඩසටහන ආරම්භ කල අතර, වසර 2002 දී ළමයින් අතර HIV රෝගය මර්දනය සඳහා වැඩසටහනක් ආරම්භ විය. මෙම වැඩසටහන් දෙක 2018 දී ඒකාබද්ධ කල අතර “ මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් රෝගය සම්ප්‍රේශණය වීම තුරන් කිරීමේ වැඩසටහන “ ලෙස තවදුරටත් ශක්තිමත් විය.

එම වැඩසටහන බහුවිධ ක්ෂේත්‍රයන්ගෙන් සැදුම්ලත් අතර මධ්‍යම රජයේ සහ පලාත් මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවන්, ලිංගාශ්‍රිත රෝග සහ HIV රෝග සේවාවන්, මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රෙය්ද මේ සඳහා දායක විය. පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන එක්ව එම සේවාවන් බිම් මට්ටම දක්වා ගෙන යාම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල සහ දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග සායන හරහා සිදු කෙරුනු අතර පළාත් සහ දිස්ත්‍රික් වෛද්‍ය බලධාරීන් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සලසනු ලැබීය.එම වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, HIV ආසාධිත පුද්ගලයන්ගේ සහ ප්‍රජාවන්ගේ සහයෝගය ද ලැබුනු අතර ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ මූල්‍ය ප්‍රතිපාදන මඟින් ස්ථාවරව ක්‍රියාත්මක කෙරුණි.

වර්ෂ 2017 අවසානයේදී HIV සහ සිෆිලිස් යන රෝග තත්වයන් සඳහා වූ පූර්ව රෝග පරීක්ෂණය ප්‍රතිශතයක් ලෙස ගර්භණී මාතාවන්ගෙන් 95% ප්‍රමාණයක් ඉක්මවා ආවරණය වී ඇත.

සියලුම HIV හා Syphilis යන රෝග තත්වයන් ආසාධිත වූ ගර්භණී මාතාවන් සහ එම රෝග තත්වයන්ට නිරාවරණය වූ ළදරුවන්ගේ සෞඛ්‍ය කළමණාකරන කටයුතු ප්‍රාදේශීයව ක්‍රියාත්මක වූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මඟින් ක්‍රියාත්මක විය. එම විශේෂඥ කණ්ඩායමට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්, ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය නිළධාරීන්, ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිළධාරීන් හා විශේෂඥ වෛද්‍ය ලිංගාශ්‍රිත රෝග නිළධාරීන් ඇතුලත් විය. සියලුම HIV ආසාධිත ගර්භණී මාතාවන් සඳහා මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ වැඩසටහන මඟින් සේවාවන් ලබාදීම සිදුකෙරුනු අතර ඔවුන් සියලු දෙනා HIV ආසාධිත නොවූ නීරෝගී ළඳරුවන් ප්‍රසූත කළහ. වර්ෂ 2018 අවසාන වන විට ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV හා Syphilis රෝග තත්වය සම්ප්‍රේෂණය වීම තුරන් කල රටක් වීම සඳහා අවශ්‍ය වූ ඉලක්ක ගත දර්ශකයන් මුදුන්පත් කර ගෙන ඇත.

HIV හා Syphilis යන රෝග තත්වයන් මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ වැඩසටහන මඟින් ඉහත දැක්වූ ඉලක්ක සපුරා ගැනීම ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට කිහිප ආකාරයකින් හේතු වූ අතර ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය සම්පන්න ළමා පරපුරක් බිහි කිරීම, මාතෘ සෞඛ්‍ය ඉහල නැංවීම හා මාතෘ මරණ අඩු කිරීම සඳහන් කල හැකිය.එමෙන්ම සමාජය තුල අවදානම් තත්වයන්හි සිටිනා කාන්තාවන් සඳහා අවශ්‍ය වූ සෞඛ්‍ය සේවාවන් වෙත ලඟාවීමේ අවස්ථාවන් වැඩි දියුණු කිරීම හා ඉහල දැමීම සිදු විය. වැඩිදුරටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම තුළින් සමාජය තුල HIV ආසාධිත රෝග තත්වයන් සම්බන්ධව විවෘත සංවාදයක් ඇති කිරීමට හේතු වූ අතර HIV සම්බන්ධ රෝග පරීක්ෂණයන් ජනතාව අතර සාමාන්‍යකරණයක් වීමටද හේතු විය.

2019 ජූලි මසදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මවගෙන් ළඳරුවන්ට HIV හා Syphilis සම්ප්‍රේෂණය වීම තුරන් කල රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කරන ‍ලෙස නිල ඉල්ලීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කරන ලදී. ඉහත ඉල්ලීම මත පෙර සඳහන් රෝග තත්වයන් මවගෙන් ළඳරුවාට සම්ප්‍රේශණය වීම තුරන් කිරීමේ තත්වය සොයා බැලීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ, ආසියා ශාන්තිකර කලාපීය කාර්යාලය මඟින් විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට 2019 සැප්තැම්බර් මස පැමිණියේය.

ඉහත විශේෂඥ කණ්ඩායම මඟින් ශ්‍රී ලංකාව විසින් ඉල්ලුම් කරන ලද ඉහත රෝග සම්ප්‍රේශණය වීම තුරන් කිරීමේ තත්වය ඉතාමත් පරිපූර්ණ වූ ඇගයීමේ ක්‍රියාවලියක් මඟින් ඇගයීමට ලක් කරන ලද අතර ඒ පිළිබඳ වූ වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ වූ ගෝලීය රෝග තුරන් කිරීම පිළිබඳ තහවුරු කිරීමේ කමිටුව (Global Validation Committee) ඉදිරියේ ප්‍රකාශයට පත් කරන ලදී. එම ඉදිරිපත් කිරීම මත ලෝක සෞඛ්‍යය සංවිධාන මූලස්ථානය මඟින් ශ්‍රී ලංකාව HIV හා Syphilis යන රෝග තත්වයන් මවගෙන් ළදරුවාට සම්ප්‍රේශණය වීම සම්පූර්ණයෙන් තුරන් කල රටක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට වැදගත් වූ පාර්ශව කරුවන් සමඟ එකමුතුව දරන ලද අත්‍යන්ත උත්සාහය මත ළඟාකරගත්තාවූ මෙම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයේ සතුට මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනරජයේ මහජනතාව සමඟ බෙදා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු වන බවත් මෙම කාර්යයේදී නන් අයුරින් සහභාගී වු සියලුම පාර්ශවයන් වෙත මෙම අවස්ථාවේ ප්‍රශංසාව හා ස්තූතිය පළ කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

දිලිනි සමන්මලි

 

Post Views: 2
Previous Post

රනිල් තනතුරු අත්හරිද..? තීරණය හෙට ද? කල් යාවිද?

Next Post

සජිත් ප්‍රේමදාස ඇමතිකාලයේ දූෂණ හා රැවැටීම් කොටස්වශයෙන් කරලියට…

editor

editor

Next Post

සජිත් ප්‍රේමදාස ඇමතිකාලයේ දූෂණ හා රැවැටීම් කොටස්වශයෙන් කරලියට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved