27 April 2024
#දේශීය

සජිත් ප්‍රේමදාස ඇමතිකාලයේ දූෂණ හා රැවැටීම් කොටස්වශයෙන් කරලියට…

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් ඇමතිධුරය හොබවන ලද කාලසීමාවේ දී ඔහුගේ අමාත්‍යාංශය ට අදාලව සිදුවී ඇතැයි කියන වංචා, දූෂණ හා නාස්තිකාර වියදම් පිළිබඳව දීර්ඝව කරුණු හෙළිවෙමින් ඇතැයි අපගේ අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබෙයි.

මෙයට අමතරව, ඔහු විසින් තනවමින්, දිළිඳු පවුල් වෙනුවෙන් ප්‍රදානය කළ බව කියන නිවාස යෝජනා ක්‍රම වෙනුවෙන් ද මහා පරිමානයෙන් දූෂණ හා වංචා සිදුවී ඇතැයි ද වාර්තාවෙයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතු කරුණක් වන්නේ,

මෙම නිවාස ප්‍රදානයන් ලෙස හුවා දැක්වුව ද, ඒවා සම්පූර්ණයෙන් ම ණය මත පදනම් වූ ඉදිකිරීම් හා අදාල ණය මුදල කොටස් වශයෙන් ගෙවීමට එහි පදිංචිකරුවන්ට සිදුවීමයි.

මේ සියල්ල වෙනුවෙන් ඔහුගේ බලපෑම මත අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් විසින් අනුමත කොට ක්‍රියාවට නංවා ඇති ඇතැම් ව්‍යාපෘති වෙනුවෙන් නිසි ක්‍රමවේදයන්ට අනුව රජයේ මුදල් අනුමතවීමක් පවා සිදුවී නොමැති බව ද පැවැසේ. මෙසේ ආරම්භ කර ඇති විවිධ යෝජනාක්‍රම වෙනුවෙන් අනුමත කරගෙන ඇත්තේ බිලියන 12 ක පමණ මුදල් වන අතර, ඒ වෙනුවෙන් ඉදිරියේ දී රජය විසින් යෙදවිය යුතු මුදල රුපියල් බිලියන 27 ක තරම් විශාල මුදලක් බවද එහි අභ්‍යන්තර විගණන අංශයන් කියයි. මේ කටයුතු සියල්ල, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය පිම්ඹීම වෙනුවෙන් වූ නාස්තිකා වියදම් බව වත්මන් රජයේ මැති ඇමතිවරුන් හමුවේ අදාළ අංශ භාර නිලධාරීන් විසින් අනාවරණය කර තිබීම ද විශේෂත්වයකි.

මෙයට අමතරව, සජිත් ප්‍රේමදාස මහතා යටතේ වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද රුපියල් බිලියන 6 කට අධික නාස්තියක් සිදුවී ඇතැයි ද වාර්තාවෙයි.

සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *