27 April 2024
#ක්‍රීඩා

මහින්ද අඩු කරන්නේ කොහොමද?

හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ රටේ බදු 20% කින් අඩු කරන බව ප්‍රකාශ කර තිබෙන බවත්, එලෙස බදු අඩු කරන්නේ කෙසේ දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්ණ කර සිටි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 08 වනදා රංවල – ඇස්වත්ත නව පාලම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බලයේ සිටියදී ණය ලබාගෙන ලෝක වාර්තාවක් තැබූ හිටපු ජනාධිපතිවරයා තමන් නැවත බලයට පැමිණ විට රටේ බදු අඩු කිරීම පැවසිය පුදුම සහගත බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල රුපියල් බිලියන 7391 දක්වා වැඩි කළ බවද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව එම පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය මුදල තුන් ගුණයකින් වැඩි කිරීමේ වාර්තාවට හිටපු ජනාධිපතිවරයා හිමිකම් කියන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා වර්තමානයේ ඒ පව් ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ මහජනතාවට බව ද සිහිපත් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *