එදා වගේම අදත් අද වගේම හෙටත් මම මහින්ද වාදියෙක් යැයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් නිකවැරටිය ආසනේ ක්‍රියාකාරීන්ගේ හමුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” අපේ රටේ තිබූ මතය තමයි සුළු ජාතීන්ගේ ඡන්ද නැතුව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි කියන එක .නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු අපි ලෝකයටම පණිවුඩයක් යැව්වා උතුරු-නැගෙනහිර සුළු ජාතීන්ගේ ඡන්ද නැතිව අපිට අපේ ජනාධිපති කෙනෙක් පත් කරගැනීමට පුලුවන් බව. අපි මේ ලබාගත් ජයග්‍රහණය අමතක නොකළ යුතුයි . පසුගිය යහපාලන රජය සමයේ අපේ රටට සිදු වූ ආර්ථික දේශපාලන සමාජීය පරිහානිය අපිට හොදට මතකයි.එම නිසා අපි මේ ලබාගත් ජනවරම රැකගැනීමට දිවි හිමියෙන් කැපවෙමු . දැන් අපිට ඉන්නේ රට රකින සුසංයෝගයක් . ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති .දැන් මැතිවරණ වේදිකාවල සජිත් ප්‍රේමදාස මහතා පවසනවා එතුමා කැමතියිලු ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ අගමැතිකම දරන්න .ඒක නම් කොහොමත් ගැලපෙන්නෙ නෑ . මේ රටට ගැලපෙන්නේ ගෝඨා මහින්ද සුසංයෝගය පමණයි . සජිත් පේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පැවසුවා ලෝකේ ලොකුම ඩයිනමෝව තියෙන්නෙ එයාට කියලා . ඇස් දෙක ඇතුලට බහින බහිනකන් නිදි මරන්න ඕන කිව්වා රටේ ජනාධිපති වෙන්න . එක බොත්තමක් ඔබපුවාම ගැබිණි මාතාව ලඟට මිඩ්වයිෆ් එනවා කිවුවා . ඒ වගේ විහිළු කතා කියපු සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි අද මේ රටේ අගමැති වෙන්න සිහින මවන්නේ .ජනාධිපතිවරණ පරාජයෙන් පසු දවස් දාහතරක් ගෙදරට වෙලා හැංගිලා හිටියා .රාජිතලා චම්පිකලා ගිහිල්ලා වැඳලා වගේ තමයි එළියට ගත්තේ ලැජ්ජාවෙන් බේරෙන්න .සජිත් ප්‍රේමදාස කියන්නේ රජ වාසල කවටයා වගේ විහිළු සපයන තවත් එක අන්දරේ කෙනෙක් විතරයි .