27 April 2024
#දේශීය

මේ ආණ්ඩුව උදේ හවස රාජ්‍ය සේවකයින්ට බනිනවා – රෝහිණී කවිරත්න කියයි

ආණ්ඩුවේ නොහැකියාව වහගන්න තියෙන එකම ක්‍රමය රාජ්‍ය නිලධාරීන්ට බනින එක යැයි මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

ඇය අද (07) රත්තොට පැවති රැස්වීමක් අමතමින් කියා සිටියේ මේ ආණ්ඩුවට බලය දුන්නොත් ඡන්දෙන් පස්සේ ආයෙත් රාජ්‍ය සේවකයා ගස් බදින, ගුටිකන යුගය උදාවන බව අමතක නොකළ යුතු බවයි.

එහිදී ඇය වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය “පහුගිය මාස 8 ආණ්ඩුවේ වැඩ නිසා ග්‍රාම නිලධාරිවරි, සමෘද්ධි නිලධාරි, පරිසර නිලධාරි, මහජන සෙෘඛ්‍ය පරීක්ෂක, වන සංරක්ෂකවරු ඇති තරම් බැනුම් ඇහුවා. මහ බැංකුවේ නිලධාරීන් බැනුම් අහනවා. ආණ්ඩුව නිලධාරීන්ට බැන බැන සල්ලි අච්චු ගහනවා. දැනට රු. බිලියන 300 කට වැඩි මුදලක් අච්චු ගහලා ඉවරයි. හැබැයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කැපුවා. අතිකාල කැපුවා. අපේ ආණ්ඩුව දුන්න වැටුප් වැඩිවීමත් කපා දැම්මා. රටේ හැම ඇළක්, ගඟක් අතාරින්නේ නැතිව වැලි ගොඩ දානවා. විල්ගමුව, රත්තොට කැලෑ ටික කපනවා. සිංහරාජය කපනවා. විල්පත්තුවේ කොමාරිකා වවන්න අලිටික මරනවා. මධ්‍යම කඳුකරයේ කොටියෝ, දිවියෝ ටික මරලා දානවා. මේවා කරන්නේ දේශපාලන හයියෙන්. හැබැයි බැනුම් අහන්නේ රජයේ සේවකයෝ. නිලධාරීන්. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොලිය 15% සිට 8% දක්වා අඩුකලා. අද ඒකට බැණුම් ඇහුවේ බැංකු ප්‍රධානීන්. හැබැයි පොලිය වැඩි වුණේ නෑ. හාල් මිලට වැඩියි කියලා හාල් මුදලාලිලාට බනිනවා. එළවළු මිල වැඩියි කියලා ගොවියට බනිනවා. රාජ්‍ය සේවකයින් තිබ්බ පඩියත් කපාගෙන, බැනුම් අහගෙන ඉන්නේ තැපැල් ඡන්දයේ දී ආණ්ඩුවට මතක හිටින පාඩමක් උගන්වන්න යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *