27 April 2024
#දේශීය

නාකොටික් IP අත්අඩංගුවට … ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී ඇ​ත.

අදාළ සැකකරු ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුර පරීක්ෂණ සිදු කරනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද පෙරවරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදුවී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනයකට අදාළව අවශ්‍ය කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයා සැගවා ඇති බවත් ඔහුව සොයා දෙන ලෙස පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *