• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත්ට කියන දේ තේරෙන්නේ නෑ – රාජ්‍ය ඇමැති ලාන්සා

9 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංවර්ධන කාර්යයන් සදහා විදෙස් රටවල් සමග ගිවිසුම්ගත වූ මුදල් වෙනත් කාර්යයන් සදහා යොදාගන්න බැහැ කියන එකවත් විපක්ෂ නායකවරයාට තේරෙන්නේ නැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කර සිටියේය “ලෝක‍යේ පවතින කොරෝනා වසංගතය හමුවේ වුවද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරලීම සදහා කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් රටේ සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපතිතුමා අපට උපදෙස් දීලා තියෙනවා.

අපි විදෙස් රටවල් සමග ගිවිසුම් ගත වෙලා තියෙන සංවර්ධන කාර්යයන් නතර කළහොත් අපිට සිදුවෙනවා අදාළ කොන්ත්‍රාත් සමාගම්වලට වැඩිපුර ගෙවන්න. එහෙම ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒනිසා තමා පවතින තත්ත්තවය හමුවේ වුවත් ප්‍රමාදයකින් තොරව සංවර්ධන කාර්යයන් ගිවිසුම්ගත වෙලා තියෙන විදියට ඉදිරියට කරගෙන යන්නෙ.

විපක්ෂනායකතුමා කියනවා සංවර්ධන කාර්යයන්ට තියෙන මුදල් කොරෝනා වසංගතයට යොදවන්න කියලා. එහෙම ගිවිසුම්ගත වුන මුදල් එහෙම වෙනත් කාර්යයකට යොදවන්න බැහැ කියලවත් එතුමාට තේරෙන්නේ නැහැ. රජය විසින් මිලදී ගැනීමට යන හෙලිකොප්ටර් සදහා වන මුදල් කොරෝනා වසංගතය වෙනුවෙන් යොදවන්න බැහැ. ගුවන් හමුදාපතිතුමා පැහැදිලිව කියනවා රුසියානු ණය ආධාර යෝජනා යටතේ ඒවා මිලදී අරගෙන එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ඒවා එක් වෙනවා කියලා.

මාර්ග සංවර්ධනයට හෝ වෙනත් සංවර්ධන කාර්යයකට වෙන් කරලා තියෙන, විවිධ රටවල් සමග ගිවිසුම්ගත වෙච්ච මුදල් වෙනත් කටයුත්තකට යොදවන්න බැහැ කියන එකවත් දන්නෙ නැතිව විපක්ෂනායකතුමා කටයුතු කරනවා. මධ්‍යම අධිවේගයේ ගහ නිසා අවුරුදු දෙකක් ප්‍රමාද වෙනවා කියන්නේ අපිට වැඩිපුර මිලියන 4,000 ක් විතර ගෙවන්න සිදුවෙනවා. මේ ජනතාවගේ සල්ලි. අපි ජනතාවගේ බදු මුදල් ආරක්ෂාකරගෙන යන්න පුලුවන් ක්‍රියාමාර්ගයකට තමා ගමන් කරන්නේ.

කොරෝනා වසංගතය පාලනය කිරීම ගැන කතා කරනකොට අපිට මොන චෝදනා එල්ල කළත් පළවෙනි හා දෙවැනි රැල්ල පාලනය කිරීමට කටයුතු කළා. ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලනකොට අපි හොද තැනක හිටියා. තෙවැනි රැල්ල අසීරු වුනත් රජයක් විදියට අපි එය පාලනය කිරීමට සියලු කටයුතු සිදු කරනවා. ඒ වගේම මේ සදහා මිලියන 22 ක් වූ ජනතාවගේ සහායෝගය අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Post Views: 1
Previous Post

කොවිඩ් මරණ 22 යි… ආසාදිතයින් 121,338 දක්වා ඉහළට 

Next Post

මම කොරෝනා මර‍ණවලට වගකීයන්නේ නෑ – ගාමිණි ලොකුගේ

editor

editor

Next Post

මම කොරෝනා මර‍ණවලට වගකීයන්නේ නෑ - ගාමිණි ලොකුගේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved