27 April 2024
#දේශීය

මම කොරෝනා මර‍ණවලට වගකීයන්නේ නෑ – ගාමිණි ලොකුගේ

මම පළාතේ මන්ත්‍රිවරයෙකු විදිහට කරුණු ඉදිරිපත් කර පිලියන්දර හුදෙකලා බව ඉවත් කලේ එහි ජනතාවගේ ආර්ථිකය ගැන සිතා බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

පෞද්ගිලක රුපවාහිනි නාලිකාවට අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ පිළියන්දල සෞඛ්‍ය නිලධාරින් තමා එය හුදෙකලා භාවය ඉවත් කරනවාද නැද්ද යන්න තීන්දු ගත යුතුව ඇති බවයි.

නමුත් තමා එම ප්‍ර දේශයේ මන්ත්‍රීවරයා වශයෙන් එම ප්‍ර දේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය සම්බන්දයෙන් සිතා අදාල යෝජනා ඉදිරිපත් කල බවයි.

කොරෝනා ආසාදිතයින් වැඩි විම හෝ කොරෝනා මරණවල වගකිම තමාට ගත නොහැකි බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් එම පෞද්ගලික රූපවාහිනි නාලිකාවට අදහස් දක්වමින් පවසා සිටියේය.

 

අදාල සාකච්ඡාව – හිරු නාලිකාව මගින් සිදු කල අතර එම සාකච්ඡාව පානුක රාජපක්ෂ විසින් මෙහෙයවනු ලැබුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *