• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙරට කර්මාන්ත වෙනුවෙන් ඉරානය ඉදිරිපත් කරන ආයෝජන යෝජනා සතුටින් බාරගන්නවා- ඇමති විමල්

22 December 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිගුකාලීන මිත්‍රයෙකු ලෙස, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අභියෝග එළැඹි සෑමවිටම මිත්‍රත්වයේ හස්තය දිගු කළ ඉරානයට මෙරට ජනතාවගේ කෘතවේදීත්වය පළ කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේම ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත සඳහා අගය කිරීමේ ව්‍යාපෘති ඇතුළු ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා ඉරානය ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා කඩිනමින් හා කාර්යක්ෂමව ඉදිරි පියවර ගැනීමට සූදානම් බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) සවස කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය, ඉරාන වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ සභාපති Alireza Peymanpak මහතා සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ජාවේදීය.

ඉරාන දූත කණ්ඩායම ඇමතූ කර්මාන්ත අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ ඉරානය දිර්ඝකාලීන මිත්‍රත්වයෙන් කටයුතු කළ රටවල් දෙකක් වන අතර අප යම් යම් අභියෝගවලට මුහුණදුන් අවස්ථාවලදී ඉරානය සෑමවිටම විශාල සහයෝගයක් ලබාදුන් බව ය.

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව අභියෝගයන්ට මුහුණ දුන් සියලු අවස්ථාවලදී ඉරානය ශ්‍රී ලංකාවට දිගු කළ මිත්‍රත්වයේ හස්තයට කෘතවේදීත්වය පළ කරන බව කී කර්මාන්ත අමාත්‍යවරයා එබැවින් ඉරානය, මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන යෝජනා ඉතා විශ්වාසයෙන් සහ කැමැත්තෙන් භාරගන්නේ යැයි ද වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා කියා සිටියේ ඉරානය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකිරීමට නියමිත යෝජනා ක්‍රියාත්මක කිරීමට ද උපරිම සහාය ලබාදීමට මෙරට කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් තමන් සුදානම් බවයි.

කර්මාන්ත අමාත්‍යවරයාට ඉරානයේ කර්මාන්තයන් පිළිබද නිරීක්ෂණයට තම රටට පැමිණෙන ලෙස එම දූත පිරිස ආරාධනා කළ අතර එම ආරාධනය ගෞරවයෙන් පිළිගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය. මෙම සාකච්ජාව ඉදිරියට ගෙන යමින් ඉදිරි ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට තමන් ආරාධනා කරන බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා දූත පිරිස අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හාජි හොසේනි, දකුණු ආසියානු අංශයේ අධ්‍යක්ෂ අහමඩ් සදේගි, ඉරාන තේ ආනයන සංගමයේ Mojtaba Azadmanesh, Hossein Ghaheri, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති එච්. ඊ. හෂේම් අෂ්ජාසාදේ සහ ආර්ථික උපදේශක Soheil Kheiri, මෙරට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරු ද එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

උපාධි ප්‍රදානොත්සවයේ ශිෂ්‍යයින් ඉතා ශිෂ්ඨ විදිහට ඔවුන්ගේ විරෝධය පල කිරීම සතුටක් – හිටපු ජනාධිපතිනිය

Next Post

මාතලේ නව දිසාපති ලෙස තෙජානි තිලකරත්න පත්වෙයි

editor

editor

Next Post

මාතලේ නව දිසාපති ලෙස තෙජානි තිලකරත්න පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved