27 April 2024
#දේශීය

උපාධි ප්‍රදානොත්සවයේ ශිෂ්‍යයින් ඉතා ශිෂ්ඨ විදිහට ඔවුන්ගේ විරෝධය පල කිරීම සතුටක් – හිටපු ජනාධිපතිනිය

පසුගියදා කොලඹ විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක උපාධි ප්‍රදානොත්සවයදී කුලපතිවරයාගෙන් උපාධි සහතික නොගැනීම පිළිබඳ සමාජයේ දැඩි කතා බහට ලක්ව ඇති බව හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය පවසා සිටියේ මෙලෙස දැක් වු විරෝධතාව ඉතා ශිෂ්ඨ සම්පන්න බවයි.

එම දරුවන් තුවක්කුවක්, බෝම්බ, කුණුහරප නැතිව මේ පෙන්වනු විරෝධතාවය ප්‍රජාතන්ත්‍රවාදී බව ඇය කියා සිටියාය.

ඉතා නිහඩව මේ පෙන්වපු විරෝධතාවය ඉතා ශිෂ්ඨ බවත් නිහඩව ශක්තිමත්ව ඒ් හැසිරීම පිළිබඳ තමාගේ ප්‍රණාමය හිමිවන බව ඇය අනාවරණ කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *