27 April 2024
#දේශීය

මාතලේ නව දිසාපති ලෙස තෙජානි තිලකරත්න පත්වෙයි

මාතලේ නව මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් ලෙස තේජානි තිලකරත්න මහත්මිය අද (22)දින වැඩ භාර ගත්තාය.

ඇය මිල්ලවාන මහා විද්‍යාලයෙන් හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සහ කැලණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

1993 වසරේ උප ගුරුවරියක ලෙස සේවයට එක්වන තේජානි තිලකරත්න මහත්මිය 1995 වසරේ රාජ්‍ය පරිපාලන සේවයට පිවිසි ඇය සහකාර ප්‍රාදේශීය ලේකම් ලග්ගල,සහකාර මුදල් අධ්‍යක්ෂ,මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම්,සහකාර දිස්ත්‍රික් ලේකම් මාතලේ,අතිරේක දිසාපති මාතලේ,අතිරේක ලේකම් වාරිමාර්ග අමාත්‍යංශය ,උතුරුමැද පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) සහ උතුරුමැද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් යන තනතුරු රැසක් දරා ඇති විශේෂ ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරිණියකි.

අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සිලරතන හිමි,සුලුනාපහුර රාජ මහාවිහාරාධිපති,මාතලේ ද්විතියික සංඝානායක දොඹවෙල පියදස්සි හිමි,මාතලේ අතිරේක දිසාපති(ඉඩම්) චමිලා අතපත්තු, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක (පාලන) ඇතුලු දිසා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *