27 April 2024
#දේශීය

ජනපතිගේ ඒකායන අධිෂ්ඨානයට ඇපකැපවන බව – විදුලි ඇමැති ඩලස් කියයි

දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජනාධිපතිවරයාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දේශයක් බවට පත්කිරීමේ භාරධූර කර්තව්‍යයට ඇපකැපවිය යුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (13) පෙරවරුවේ සිය තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මෙතෙක් අපේ රාජ්‍ය නායකයා වුනේ දේශපාලනික නායකයෙක්. නමුත් මෙවර ඒ ක්‍රමය වෙනස් වෙලා, ප්‍රථම වතාවට දේශපාලනික නොවන නායකයෙක් ජනාධිපති බවට පත්වුණා. ඒ වගේම ගෝඨාභය මැතිතුමා තාක්ෂණිකවේදියෙක්. රට දියුණූ කිරීමේ කටයුත්තේදී මෙ අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් තිබෙන බව ජනාධිපතිතුමා දැඩි ලෙස විශ්වාස කරනවා. අතිගරු ජනාධිපතිතුමා කෙරෙහි විශාල විශ්වාසයක් තබලා තමයි ජනතාව මෙවර එතුමාව ජයග්‍රහණයට පත්කළේ. එතුමා මා කෙරෙහි එවැනිම විශ්වාසයක් තබලා තමයි, මට මේ වගේ වැදගත් අමාත්‍යාංශයක් පවරලා තිබෙන්නේ. ජනාධිපතිතුමාත් අගැතිතුමාත් මා කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඉතාමත් සුරක්ෂිතව මා ආරක්ෂා කළ යුතුයි. මම මගේ දේශපාලනය ඊට හරස් කරගන්නේ නැහැ. මම ප්‍රාථමික, ගෝත්‍රික දේශපාලනික කෝණයකින් මම කිසිම ප්‍රශ්නයක් දිහා බලන පුද්ගලයෙක් නෙමෙයි. අපේ රට මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ අශිලාචාර දේශපාලන ක්‍රමයක් නිසා. ඒ ක්‍රමය නිමා කරන්න දැන් කාලය එළඹිලා තිබෙන්නේ. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *