27 April 2024
#දේශීය

යහපාලනය ගැන මටත් අයිතියක් තියෙනවා – ඇමැති දුමින්ද

යහපාලනය ඇති කරන්න ජනාධිපතිතුමන් එක්ක එළීයට බැහැපු කෙනෙක් විදිහට මට යහපාලනය ගැන කථා කරන්න ලොකු අයිතියක් තිබෙන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

ජාතික ආණ්ඩුව ගැන වගේම යහපාලනය ගැන හැමදාමත් තමා කථා කරන බවත් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියගන්නා වෙනත් පක්ෂ වල අය තමාට චෝදනා කරන බව හෙතෙම කියා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “යු.එන්.පී යන්න කියලා.නෑ මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැබැයි අපිට එක්සත් ජාතික පක්ෂය එක්ක එකට වැඩ කරන්න බාධාවක් නෑ,අපි එකට එකතු වුණේ මේ දිස්ත්‍රික්කය හදන්න, මේ රට හදන්න.ඒ නිසා මේ ඉහළ තියෙන එකමුතුව ගමෙත් ඇති කරන්න කියලා ආරාධනා කරනවා.ඇති දැන් බෙදුණා, ඇති දැන් පළිගත්තා, ඇති දැන් වෛර කර ගත්තා.මොකද අපි නොදන්නවා වුණාට මෙච්චර කාළයක් අපි පළිගත්තේ, ඊරිසියා කලේ, වෛර කලේ අපේම ගමේ හිතවතෙක්ට, අපේම ඥාතියෙක්ට, අපේම සහෝදරයෙක්ට.ඒ නිසා අපි මේ යහපාලනයත් එක්ක අලුත්ම දේශපාලනයක් ඇති කරලා තියෙනවා “අමාත්‍යවරයා යැයි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *