27 April 2024
#සංවර්ධන

කළුතර,බෝසත් මාපිය සෙවණ, ජනපති අතින් විවෘත කෙරේ

සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණය සැලසීම සඳහා කළුතර, ඈතගම ඉදිකෙරුණු ,බෝසත් මාපිය සෙවණ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ විවෘත කෙරිණි.

පයාගල, මලේගොඩ ශ‍්‍රී පුෂ්පාරාම විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප‍්‍රධාන සංඝනායක, පූජ්‍ය මලේගොඩ නන්ද හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

අක්කර දෙක හමාරක භූමියක ඉදිකර තිබෙන මෙම මධ්‍යස්ථානයේ 50 දෙනෙකුට පමණ රැකවරණය ලබාදිය හැකිය.

සමරු ඵලකය නිරාවරණය කර ,බෝසත් මාපිය සෙවණ, මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාවේදී මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ධන පරිත්‍යාගය සිදුකළ ඥානා ද සිල්වා මහත්මිය වෙත උපහාර තිළිණයක් පිළිගැන්විම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. තිළිණය පිළිගනු ලැබුවේ එම මහත්මියගේ පුතු විසිනි.

කෝට්ටේ ශ‍්‍රී කල්‍යානි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහ නායක, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, රවී කරුණානායක, කළුතර දිස්ති‍්‍රක් ලේකම් යූ.ජී.සී. ජයලාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *