27 July 2024
#දේශීය

රනිල් එක්ක ආයේ නෑ -ජනාධිපතිවරණයට සුදානම් වෙනවා…… !

එක්සත් ජාතික පාක්ෂිකයින්ට දේශපාලන වේදිකාවක් අවශ්‍ය බවත් අලුත් දේශපාලන සන්ධානයකින් තමන් ඉදිරි ගමන ආරම්භ කරන බව එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

TTVnews වෙබ් අඩවිය සමඟ එක්වෙමින් අත්තනායක මහතා කියා සිටියේ මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයින් දැඩි කලකිරිමෙන් පසුවන බවයි. ඔවුන් සාධාරණයක් ඉටු කිරීම හිටපු මහලේකම්වරයා වශයෙන් තමන්ගේ යුතුකම බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සන්ධානගත දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් ජනතාව අතරට පැමිණෙන බව හෙතෙම කියා සිටියේය.

ඒ අනුව විවිධ දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වන අතර විවිධ පුද්ගලයින් අතර සාකච්ඡා කරමින් දේශපාලන ගමන ආරම්භ කරන බව ද ඔහු පැවසිය.

තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු නොකරන බවත් තමාට ඔහු නිසා සිදු වු දෙවල් තුළින් ඔහු පිළීබඳ කලකිරීමෙන් සිටින බව අත්තනායක මහතා අවධාරණය කළේය.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *