27 April 2024
#දේශීය

බැසිල් නිසා පොහොට්ටුවට පාඩුයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහාය නොමැතිව පොදු ජන පෙරමුණට ඉදිරියට යා නොහැකි බව එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටි. එම අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටින්නේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ සහාය නොමැති වුවහොත් ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව අඩු වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට පාක්ෂිකයින්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කිරීමේ බැසිල් රාජපක්ෂගේ ඇතැම් ක්‍රියාසම්බන්ධයෙන් යම් අපහැදිලිතාවයක පත්ව ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ සමඟ වට සිටිනා පිරිස කියා ඇත්තේ බැසිල්ව අතහැර මේ ගමන යායුතු බවයි. නමුත් පොදු ජන පෙමුණේ බහුතරයේ මතය වී ඇත්තේ බැසිල් නොමැතිව මහින්දට ගමනක් නොමැති බවයි. බැසිල් නොමැතිව ගියහොත් මහින්දට ජයගැනීමට අපහසුවන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *