27 July 2024
#දේශීය

මහින්දට මම කිව්වා රැවටෙන්න එපා කියලා – හිටපු ඇමැති රවි

නව විදුලි ජනන සැලැස්මක් ඇති නොකළහොත්, අපේ අහිංසක ජනතාවට තමයි වසර ගණනාවක් එහි ශාපය ගෙවන්න සිදුවන බව හිටපු විදුලි බල අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියෙ ආණ්ඩුව ද , විපක්ෂය ද කියලා ‍නොසිතා, නිවැරදි දේට ඇහුම්කන් දීලා කටයුතු කරනවානම්, මේ භයානක තත්ත්වයෙන් ගැලවෙන්න හැකියාව ඇති බවයි.

එසේම අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන අතර අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ තමා විසින් විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් කල බව හෙතෙම කියා සිටියේය.

තමා විසින් විදුලිබල අමාත්‍යවරයාට කියා සිටියේ ද හදිසි විදුලි මිලදී ගැනීම්වලටරැවටෙන්නෙපා ලෙස නමුත් තවමත් එහි ප්‍රථිපලයක් දකින්න නොමැති බව කරුණානායක මහතා අනාවරණ කළේය.

මාස දෙකක් තුනක් ඇතුළත නව ජනන සැලැස්මක් ඇති නොකළහොත්, වසර ගණනාවක්ම අපේ අහිංසක ජනතාවට තමයි එහි පාපය ගෙවන්නට සිදුවන බව හෙතෙම අවධාරණය කළේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *