• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් අලියාගෙන් ආවොත් මම උදවු කරන්නේ නැහැ – ඇමැති ප්‍රසන්න

2 April 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ “අලියා” ලකුණ හෝ “පොහොට්ටුව” ලකුණ නොවන සියලුම දෙනාට එකඟවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ, සිය දේශපාලන කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ විරුද්ධවාදීන් කුමක් කීවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිඳු සූදානමක් නැති බවයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වරක් ජනාධිපතිධූරයට පත්වීමටනම් ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගට අත්‍යාවශ්‍ය වන බව හෙතෙම පැවසිය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය “ මම දන්න ආකාරයට නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැහැ. ඒ වගේ තනතුරකට එන්න තව අද්දැකීම් ලබන්න ඕන. නාමල් රාජපක්ෂ තරුණයෙක්. ජනාධිපතිවෙන්න ඔහුට තව කල් තිබෙනවා. යම් හෙයකින් මේ ජනාධිපතිවරණයේදි අපේක්ෂකයා විදියට නාමල් රාජපක්ෂ දැම්මොත් මම ඔහුට උදවු කරන්නේ නැහැ. මම දේශපාලනයෙන් නිහඬ වෙනවා. මේ වෙනකොට පක්ෂයේ සියයට 80ක් විතර ඉන්නේ ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපතිවරායට සහය දිය යුතුයි කියලා. දැනටමත් ජනාධිපතිවරණය හා අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවේ ප්‍රථිඵලය අනුව පක්ෂය නිවරදිම තීන්දුව ගනීවි. රනිල් වික්‍රමසිංහ ඒක්ක අපිට දේශපාලනිකව ප්‍රශ්න තිබුණා. ඔහුව 27 වරක් පැරැද්දුවේ අපේ දේශපාලන කඳවුර. නමුත් අභියෝගාත්මක වෙලාවේ ඔහු ඉදිරියට ඇවිල්ලා වැඩ පෙන්නුවා. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස වගේ අය තමන්ගේ දේශපාලන මතය ජනප්‍රිය කරගන්න කයිවාරු ගහපු එක විතරයි කළේ. අනුර කුමාර චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක්. ඔහු වැව් හදන්න ගිහිල්ල ඒ වැඩේ අනාගත්තා. 88/89 මිනී මරපු ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජනබලවේඟය නමින් ඉන්නවා. ඒ ඇයි? ජනතා විමුක්ති පෙරමුණ නමින් ගමනක් යන්න බැරි නිසා. එයාල මහින්දට උදවු කළා, චන්ද්‍රිකාට උදවු කළා. ඔවුන් වැඩ කරලා රිසාල්ට් පෙන්නපු තැනක් කියන්න. එයා මේ දේශපාලන සිස්ටම් එක ඇතුලේ ෆේල් වෙච්ච කෙනෙක් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,556
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දුම්රියේ ගැටී මිය යයි

Next Post

ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගයයි – මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගයයි – මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගයයි - මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved