29 April 2024
#දේශීය #පුවත්

ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගයයි – මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට ගැලපෙනම මතවාදය තිබෙන්නේ සමගි ජනබලවේගයේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා , මැද මාවතක ගමන් කරන අන්ත දක්ශිනාංශික නොවන අන්ත වාමාංශික නොවන ප්‍රතිපත්තියක් නොවන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගූ බවත් සමගි ජනබලවේගය ගමන් කරන්නෙත් එම ප්‍රතිපත්තියේ බව හෙතෙම පැවසිය.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා “ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට ගැලපෙනම මතවාදය තිබෙන්නේ සමගි ජනබලවේගයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහත්තයා ඇති කළේ මැදි මාවතක් තිබෙන පක්ෂයක් ලෙස. අන්ත දක්ශිනාංශක නොවන අන්ත වාමාංශික නොවන එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ආපු පක්ෂයක් ලෙස තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා ආරම්භ වුණේ. අද සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තියත් වෙන්නේ අන්ත දක්ශිනාංශක නොවන අන්ත වාමාංශික නොවන ප්‍රතිපත්තිය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගය. ජනතා විමුක්ති පෙරමුණට යම් කිසි ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙලා තිබෙනවා. සෙනග පෙන්නලා මත ගොඩනගන දේශපාලන නෙවෙයි විය යුත්තේ. දේශපාලඥයිගෙන් ප්‍රශ්න කරලා වැඩපිළිවෙළ තේරුම් අරගෙන රටට විසදුමක් දෙන දේශපාලන ව්‍යාපාරයකට රටේ බලය ලබාදීම තමයි ජනතාව සිදුකළ යුත්තේ. සමගි ජන බලවේගය කියන්නේ මොකක්ද කියලා හොයලා බලලා අනෙකුත් දේශපාලන පක්ෂ කියන්නේ කුමක්ද කියලත් සොයලා බලල ප්‍රශ්න කරලා වැඩපිළිවෙළ කුමක්ද කියලා තේරුම් අරගෙන රටට විසදුමක් දෙන පක්ෂයකට ඡන්දය ලබාදීම තමයි බුද්ධිමත් ජනතාව සිදුකළ යුත්තේ. ජනතාව එලෙස තීන්දු තීරණ ගත්ත දවසට රටට හොදක් වෙයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සමගි ජන සන්ධානය සුදානම්“ යැයි මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *