29 April 2024
#දේශීය #පුවත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දුම්රියේ ගැටී මිය යයි

පේරාදෙණිය, පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේ මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වු දුම්රියක පුද්ගලයෙකු ගැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ඊයේ (01) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන තල්පිටිය උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබු සිසුවෙකි. මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *