• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි

4 May 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සහ වෙනත් සේවාවන් ඩිජිටල් වේදිකාවන් හරහා මෙරට පළාත් පාලන ආයතන සඳහා ලබා දේ.

එහිදී ඩිජිටල් දැනුවත් කිරීම් හා නිවේදනවල සිට පැමිණිලි කළමනාකරණය, ගෙවීම් සහාය සහ ලිපිගොනු කළමනාකරණය දක්වා Ideal Six වේදිකාව ප්‍රාදේශීය සභා සහ ජනතාව වෙත පුළුල් සේවාවන් රැසක් සපයයි.

Ideal Six හි ආරම්භය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තරුණ තරුණියන් සඳහා වන HackaDev – Sri Lanka හී ප්‍රමුඛතම Hackathon තුන්වන සංස්කරණය දක්වා දිව යයි.

එහිදී Ideal Six, 2017 දී එහි ජංගම යෙදුම් පදනම් කරගත් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය සඳහා වූ තරඟයේ ජාතික මට්ටමේ ජයග්‍රාහකයා බවට පත්විය. ඒ අනුව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා (UNDP) විසින් මුලික ප්‍රාග්ධනය ලබා දුන් අතර එමඟින් ඇඹිලිපිටිය නගර සභාව සමඟ සිය ප්‍රථම පර්යේෂණ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

එහිදී ඇඹිලිපිටිය නගර සභාව වෙනුවෙන් නිර්මාණය කල යෙදවුමේ විශිෂ්ඨ සාර්ථකත්වය සමග බස්නාහිර පළාත් අපද්‍රවය කළමනාකරණ අධිකාරිය සඳහා යෙදවුමක් නිර්මාණය කිරීමේ අවස්ථාව හිමිවූ අතර මිනුවන්ගොඩ නගර සභාව සඳහා ද සාර්ථක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි විය. ඒ අනුව එම ඩිජිටල් යෙදවුම් අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා ද ව්‍යාප්ත කිරීම සඳහා Ideal Six වෙත නිල වශයෙන් අවසර හිමි විය.

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ තරුණ උපාධිධාරියෙකු UNDP සහ තාක්ෂණික ප්‍රජාවේ සහාය ඇතිව ශුන්‍ය අයවැය අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුමක් ලෙස මූලික වශයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතිය 2019 දී ව්‍යාපාරයක් ලෙස නිල වශයෙන් ආරම්භ කෙරිණි. COVID-19 කාලය තුළ Ideal Six සමාගම දේශීය ප්‍රජාවන්, නව ව්‍යවසායකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා, Curve Up (Pvt) Ltd සහ UNDP Sri Lanka’s HackaDev Enterprise Support Programme සමඟ එක්ව අධ්‍යාපන හා තාක්ෂණික උපදේශන සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිකර දුන්නේය.

Ideal Six සමාගම යනු මෙරට ප්‍රාදේශීය සභා ඩිජිටල්කරණය කිරීම සඳහා පරිවර්තනීය දැක්ම මගින් මෙහෙයවනු ලබන නවීනතම ගෘහස්ථ තාක්ෂණික සමාගමකි. අපද්‍රව්‍ය කළමනාකරණය ස්වයංක්‍රීය කිරීමේ මූලික අරමුණ ඇතිව Ideal Six යෙදුම මඟින් කසළ එකතු කිරීමේ ට්‍රක් රථ පිරික්සීම, සිය ස්ථාන සලකුණු කිරීමට සහ ඔවුන්ගේ පැමිණිලි අභ්‍යන්තර බලධාරීන් වෙත අභ්‍යන්තර පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හරහා යොමු කිරීමට ඉඩ ලබා දේ. මෙමගින් කසළ හා අපද්‍රව්‍ය ඵලදායි ලෙස ලෙස බැහැර කිරීම සඳහා ක්‍රමානුකූල විසඳුමක් ලබා දෙන අතරම, මහ නගර සභාවලට සහ පළාත් පාලන ආයතනවලට වෙනත් සමාජ ගැටලු සාකච්ඡා කිරීමට සහ ඒ අනුව ඔවුන්ගේ සේවාවන් විධිමත් කිරීමට වැදගත් වේදිකාවක් ලෙසද සේවය සපයයි.

Ideal Six හි නිර්මාතෘ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් මධුෂාන් මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය “දේශීය සමාගමක් වශයෙන් අපි දේශීය සේවාවන් භාවිතයට සුව පහසු අකාරයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා විශාල කැමැත්තකින් සිටිනවා. COVID-19 වසංගත තත්ත්වයත් සමඟ කර්මාන්ත ක්ෂේත්‍රය වේගවත් ඩිජිටල්කරණයකට ලක් වෙමින් පවතිනවා. පළාත් පාලන ආයතන මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීම අපගේ උත්සාහය වනවා. එහිදී වඩා හොඳ ඉලක්කගත හා වඩා කාර්යක්ෂම මහජන සේවාවන් සපයන ඩිජිටල් විසඳුම් හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ සකස් කිරීම සඳහා Ideal Six කටයුතු කරනවා. මෙම පරිවර්තනයට සහය දැක්වීමට සහ ඔවුන් භාවිතා කරන තාක්‍ෂණයන්ගෙන් පළාත් පාලන ආයතනවලට වඩා හොඳ වටිනාකමක් ලබා ගැනීමට තරුණ ව්‍යවසායකයින්, පළාත් පාලන ආයතන සහ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වනවා.”

මේ වන විට වසර තුනක කාලයක් පුරා ප්‍රාදේශීය සභාවලට හොඳම සහ විශ්වාසදායක විසඳුම් ලබා දෙමින් Ideal Six ඩිජිටල් වේදිකාවේ යෙදුම් බාගත කිරීම් 5,364 ක් වාර්තා වන අතර ක්‍රියාකාරී ගිණුම් 850කට අධික සංඛ්‍යාවක් ඇත. එමෙන්ම වේදිකාවේ දිනපතා සක්‍රීය පරිශීලකයින් 30 කට අධික සංඛ්‍යාවක් සිටිති.

2019 අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ලෝක සමුළුවේදී (WCWM) එහි අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම සඳහා Ideal Six පිළිගැනීමට ලක්විය. මීට අමතරව, 2019 ඊ-ස්වභිමානි සම්මාන උළෙලේදී ස්මාර්ට් බේරුම්කරණය සහ නාගරීකරණය යන කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත්විය. එමඟින් 2020 World Summit Awards උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණි. ඒ සඳහා කෙටි ලැයිස්තුගත ලොව හොඳම සමාගම් 16 අතර Ideal Six එක් වීම රටට අභිමානයක් ගෙන දෙන කරුණකි.

රජයේ කාර්ය මණ්ඩලය සඳහා තාක්‍ෂණික පුහුණුව සමඟ ප්‍රජාව සඳහා ඩිජිටල් නව්‍ය විසඳුම් සංවර්ධනය කිරීමට හා සැපයීමට නිරන්තරයෙන් උත්සාහ කරන Ideal Six සමාගම මේ වන විට ගම්පහ ප්‍රාදේශීය සභාව සහ බෙන්තොට ප්‍රාදේශීය සභාවන් සමඟද කටයුතු කරයි. ඒ අනුව මෙම වසරේ මැයි මාසයේදී බෙන්තොට සිය සේවාවන් දියත් කිරීමට සමාගම සූදානම් වේ.

Ideal Six හි මූලික ඉලක්කය වන්නේ දිවයින පුරා ස්මාර්ට් සිටි සංකල්පය ප්‍රවර්ධනය කිරීමයි. එහි දී ජංගම යෙදුම රටේ සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන අතර අපද්‍රව්‍ය කළමනාකරණය වැනි ප්‍රජා ගැටලු රාජ්‍ය අංශයේ පූර්ණ සහයෝගය ඇතිව විසඳිය හැකි බවට සමාගම දැඩිව විශ්වාස කරයි.

Ideal Six සහ එහි නව්‍ය විසඳුම් පිළිබඳ වැඩි විස්තර සඳහා www.idealsix.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් 0473130505 අමතන්න.

 

Post Views: 5
Previous Post

අද දිනට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ට ආසන්නයි

Next Post

අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි

editor

editor

Next Post

අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved