27 April 2024
#ක්‍රීඩා

අන්තර් පාසල් බර ඉසිලීමේ තරඟාවලිය දින නියම‍යක් නොමැතිව කල් යයි

2021/05/08 සහ 09 දෙදින මාවනැල්ල, අරණායක, දිප්පිටිය රාජගිරි මහ විදුහලේ පැවැත්වීමට නියමිත ව තිබූ අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලිය දින නියමයක් නොමැති ව කල් දැමූ බව පාසල් බර ඉසිලීම, සවිඑසවීම සහ ශක්තිවර්ධන හා කායවර්ධන සම්මේලනයේ සභාපති පුෂ්පකුමාර විතානගේ මහතා දැනුම් දෙයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එසේ තරඟාවලිය කල් දැමීමට සිදු වූ බැව් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *