• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිසියම් තැනක වරදක් වුණානම් එය හඳුනාගැනීම අවශ්‍ය බව ජනපති කියයි

28 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදිය.

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනු ලැබිය. …

ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.

“ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත්. ආසාධිතයන් සමග සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි. රෝගීන් රෝහලටත් ඔවුන් සමග සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි. ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”, ජනාධිපතිවරයා සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි එතුමා විශේෂඥ කණ්ඩායමට පැවසීය. නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වය දිය යුතුය. කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද එතුමා උපදෙස් දුන්නේය.

රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපු ගුවන් හමුදාපති, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

කොවිඩ් පාලනයට ප්‍රධාන කරුණු 5ක් – ලංකාව තෙවන අදියරේ

Next Post

නාවිකයන් සමඟ ගැටුණු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ PCR පරීක්ෂණ බලපෑම් මත නවතලා

editor

editor

Next Post

නාවිකයන් සමඟ ගැටුණු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ PCR පරීක්ෂණ බලපෑම් මත නවතලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භූගතව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් හම්බෙගමුවේදී වටලයි

භූගතව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් හම්බෙගමුවේදී වටලයි

25 February 2026
ඉහළම බදු ගෙවන්නන් ඇගයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්

ඉහළම බදු ගෙවන්නන් ඇගයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්

25 February 2026
වැලිගම හෝටල් හිමියා බේරාගත් ඔත්තුකරුට ඩුබායි සිට මරණ තර්ජන

වැලිගම හෝටල් හිමියා බේරාගත් ඔත්තුකරුට ඩුබායි සිට මරණ තර්ජන

25 February 2026
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හාචාර්ය සුසිරිපාල මානවඩු පත්වෙයි

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හාචාර්ය සුසිරිපාල මානවඩු පත්වෙයි

25 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බණ්ඩාරවෙල නැවතුම්පොළේ තිබූ ලංගම බසයක් පැහැරගෙන දියතලාවේ දමා ගොස් තිබියදී හමුවෙයි

බණ්ඩාරවෙල නැවතුම්පොළේ තිබූ ලංගම බසයක් පැහැරගෙන දියතලාවේ දමා ගොස් තිබියදී හමුවෙයි

25 February 2026
දස ගුණයක ලාභ පෙන්වා මුදල් ගැසූ ව්‍යාජ දේවගැතිවරයෙක් මාරවිලදී අත්අඩංගුවට

දස ගුණයක ලාභ පෙන්වා මුදල් ගැසූ ව්‍යාජ දේවගැතිවරයෙක් මාරවිලදී අත්අඩංගුවට

25 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved