• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට හදන්න ලොක්කාන්ට තේරෙන්නෙ නැතිනම් ගමෙන් පටන් ගන්න – රාජ්‍ය ඇමැති දුමින්ද

28 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට හදන්න ලොක්කොන්ට, පක්ෂ වල නායකයින්ට තේරෙන්නේ නැත්නම්, ගමේ ජනතාවගේ හඩින් පටන් ගන්න අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගොවියාගේ නිෂ්පාදන වියදම අවම කිරීමේ අරමුණින් සූර්ය බලය මගින් ක්‍රියාත්මක වන ජල පොම්පාගාරයක් භාවිතයෙන් රාජාංගනය උස්සානයේ ගොවීන් වෙත ජලය ලබා දීමේ වැඩසටහන යටතේ සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” අද රෑට රූපවාහිනිය බැලුවම හිත සැනසෙන දේවල් අහන්න ලැබෙනවාද? එකක්වත් නෑනේ, ලයිට් කපලා තියෙනවා, තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තියෙනවා, මේ වගේ විශාල ප්‍රශ්න ගොඩක තමයි අපි ඉන්නේ.හැබැයි අපි මේකට මොකක්ද දෙන උත්තරේ, ඒක බලලා බුදිය ගත්තම හෙට උදේට ලයිට් හම්බෙනවාද? ඒත් නෑ, පෝලිම නැති වෙනවාද? එහෙම නම් දැන් අපි සේරම එකට එකතු වෙලා මේ රට හදන්නෙ කොහොමද? වෙනස් කරන්නේ කොහොමද? කියන තැනට අපි යන්න වෙනවා.ඒ වෙනුවෙන් පක්ෂ-පාට, ජාති-ආගම්, කුළ-මල භේද, මේ සේරම භේද පැත්තකින් තියලා මෙතනින් මේක නැගිට්ටවන්නේ කොහොමද කියන එක මිසක්, කවුද මේක විනාශ කලේ අතීතයේ, කාගෙන්ද මේක වුණේ කියලා, දැන් පශ්චාත් මරණ පරීක්ෂණ තිබ්බට වැඩක් තියෙනවාද? දැන් සමහරු කියනවා අපි තමයි හොඳටම කලේ කියලා ඒ කාලේ, ඊළඟට ආපු කට්ටියත් කියනවා අපි තමයි හොඳටම කලේ කියලා.හැබැයි මේ හැමෝම වග කියන්න ඕන නේද මේ තත්වයට, අද අපිට තියෙන ණය උගුල ගත්තම අරයටයි, මෙයාටයි ඇඟිල්ලක් දික් කරන්න බෑ, 1948 ඉඳන් තිබිච්ච ආණ්ඩු මේකේ තමන්ගේ කොටහා භාර ගන්න ඕනකම තියෙනවා.ඒ ණය අරගෙන ආර්ථිකය හැදෙන වැඩද කලේ, ආර්ථිකය විනාශ වෙන වැඩද කලේ කියලා අපි සියලු දෙනාම දන්නවා.ඒ නිසා කාටවත් ඇඟල්ල දික් කළාට හෙට අපිට අලුත් දෙයක් ලැබෙන්නේ නෑ.එහෙම නම් දැන් ඔබතුමන්ලා මොකක්ද කරන්න ඕන? මේ සියලුම දේශපාලන පක්ෂ වලට කියන්න ඕන තම තමන්ගේ අතීතය ගැන කථා කරන එක නෙමෙයි, තම තමන්ගේ අනාගතය ගැන කථා කරන එක නෙමෙයි, මේ සියලු පක්ෂ එකතු වෙලා රට හදන මාර්ගයක් හදන්න කියන එක.

සමහර පක්ෂ අපි දැක්කා අද කථා කරනවා පාට -පක්ෂ,ජාති-ආගම්, කුළ -මල පැත්තකින් තියලා පාරට බහින්න අහවල්ලු එළවන්න කියලා කියනවා. එලෙව්වයි කියලා හෙට තව එක්කෙනක් පත් වෙලා මේකේ ලයිට් ටික ලැබෙනවාද? , ඩීසල් මිළ අඩු වෙනවාද?, ගෑස් ටික අඩු වෙනවාද? ඒත් නෑ,තවත් සමහරු කියනවා මට බලය දෙන්න මට පුලුවන්කම තියෙනවා අවුරුදු 02 කට තෙල් ටික ගන්න, අවුරුදු 02 න් පස්සේ මට ගෙවන්න පුලුවන් කියලා කියනවා.එහෙම නම් ඒ හාදයා දැන් නේද තෙල් ටික ගෙනත් දෙන්න ඕන, තමන්ගේ රටේ මිනිස්සුන්ට ආදරෙයි නම්, තමන්ගේ රටේ මිනිස්සු පෝලිමේ ඉන්නවා නම් තමන්ට බලය ලැබෙනකම් ඉන්න ඕනද තෙල් ටික ණයට ගන්න.එහෙම පුලුවන්කමක් තියෙනවා නම් ඒ අය දැන් තමයි ඒක කරන්න ඕන.මේකෙන් පේන්නේ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් තාමත් අපේ දේශපාලන පක්ෂ උත්සහ කරනවා තමන්ට බලය දුන්නොත් මේ ටික කරන්නම් කියලා ආයේ පාරක් ජනතාව අමාරුවේ දාන්න.

දැන් ඔය කෑ ගහන උදවිය, කෑ ගැහුවට තෙල් ටික අඩු කරගන්න විදිහ කියනවාද? ඔය කෑ ගහන අයට රට භාර දුන්නොත් එහෙම හෙට තෙල් ටික අඩු වෙනවාද? පොහොර ටික අඩු වෙනවාද? බඩු මිළ වැඩි වෙනකොට පඩිය වැඩි වෙන ක්‍රමයක් ආණ්ඩුවෙන් හදන්න ඕන, පඩිය වැඩියෙන් ගෙවන්න මුදල් ටික හොයන ක්‍රමය ගැන අපි සාකච්ජා කරන්න ඕන.තෙල් ටිකට සහනයක් දෙනවා නම් ඒ සහනයට මුදල් ටික කොහෙන්ද කියලා අපි හොයාගන්න ඕන. පොහොර ටික අඩුවට දෙනවා නම් ඒ සඳහා මුදල් ටික කොහෙන්ද අපි ගන්නේ කියලා හිතන්න ඕනකම තියෙනවා.හැබැයි මේ හැමෝම බොහෝම ලස්සනට සුරංගනා කථා කියනවා, අපි ආවොත් මේවා වෙන්නේ නෑ කියලා.

එහෙම නම් දැන් ඔබතුමන්ලා එකතු වෙන්න ඕන, අපිට දේශපාලන පක්ෂ වැඩකුත් නෑ, ජාති-ආගම්, කුළ-මල භේද වැඩකුත් නෑ,වැටිච්ච රට තවත් වට්ටවන්නේ නැතිව, ඉස්සරහට රට නැගිට්ටවන්න ක්‍රමය හොයපල්ලා කියන එක තමයි ඔබතුමන්ලා කෑ ගහලා කියන්න ඕනකම තියෙන්නේ. බෝඩ් එකක් අරන් පාරේ හිටන් හිටියට, පා ගමනක් ගියාට තේරුමක් තියෙනවාද?, හැබැයි අපි හැමෝම කිව්වොත් එහෙම අපිට මින් ඉස්සරහට පක්ෂ නෑ, අපි අරයගේ, මෙයාගේ කියන කට්ටිය නෙමෙයි, අපි කියන්නේ ඔය ගොල්ලන්ට සියලු පක්ෂ එකට එකතු වෙලා රට හදන්න කියලා.ඒක ජාතික ආණ්ඩුවක්ද? එකඟතාවයක්ද? සම්මුතියක්ද? ඒක ඔබතුමන්ලා දන්නෙත් නෑ, අපි දන්නෙත් නෑ. හැබැයි රට හදන්න ඕන කියන පණිවිඩය තමයි ඔබතුමන්ලාගෙන් එන්න ඕනකම තියෙන්නේ.ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනතාවගෙන් ලොක්කොන්ට මේක තේරෙන්නේ නැත්නම්, පක්ෂ වල නායකයොන්ට මේක තේරෙන්නේ නැත්නම්, ගමෙන් ඔබතුමන්ලා මේ හඩ පටන් ගන්න. ගමෙන් ඔබතුමන්ලා පණිවිඩයක් ගේන්න.දැන් ඇති ඇණ කොටා ගත්තා, දැන් ඇති බැණ ගත්තා. හැබැයි මේ දේ, මේ විදිහටම ඉස්සරහට සිද්ධ වුණොත් අපේ දරුවන්ට රටක් තියෙයිද? එහෙම නම් ඒ තීන්දුව දැන් අපි, ඔබතුමන්ලා එකතු වෙලා ගන්න ඕනකම තියෙනවා.ඒ වෙනුවෙන් හැමෝම අත්වැල් බැඳගන්න කියන කාරණාව මතක් කරනවා.

මෙච්චර කාළයකට අපි ජනාධිපතිවරු පත් කරලා තියෙන්නේ කැමැත්තෙන්ද? කැමැත්තෙන් පත් කරන්න ඇති පාක්ෂිකයෝ ටික, හැබැයි වැඩි හරියක් අපේ තිබුණේ එයාට කැමැත්තද? ඉන්න එකාව එළවා ගන්නද? මොකක්ද ඇත්ත කථාව, අපි හැමතිස්සේම කතිරය ගහලා තියෙන්නේ ඉන්න එකාව එළවා ගන්න මොකෙක් හරි ගෙනත් තියනවා.ගෙනාපු එකා හොඳද- නරකද කියලා බැලුවද? වැඩි ඈතක් ඕන නෑ .2015 ඉඳන් ගන්නකො, 2015 දී මහින්ද මහත්තයා එපා කිව්වා, මෛත්‍රී මහත්තයාව දිනෙව්වා.මෛත්‍රී මහත්තයා යහපාලනය ටිකක් කර ගෙන යන කොට මෛත්‍රී මහත්තයත් හොඳ නෑ කියලා 2019 දී එයාව පැරැද්දුවා, කාවද ගෙනාවේ, ගෝඨාභය මහත්තයාව ගෙනාවා.දැන් ගෝඨාභය මහත්තයා වාඩි වෙලා අවුරුද්දක් නෑ, දැන් කියනවා ගෙදර යන්න කියලා.අපි හරි හමන් එකෙක් හොයන්නේ නැතිව, ඉන්න එකා එළවන්න තමයි අපි හැමතිස්සේම මුල් වෙලා තියෙන්නේ.ඉස්සරහටත් අපි මේක කරනවාද? දැන් තියෙන හිතේ අමාරුවට අපි ආයේ පාරක් වැරදි තීන්දුවක් ගත්තොත්, ආයේ අර ඉතිහාසයේ ගොඩට තවත් එකක් එකතු වෙනවා නේද? මේකෙන් මං කියන්නේ නෑ කාවද තියාගන්න ඕන, කාවද අයින් කරන්න ඕන කියලා.මින් ඉදිරියටවත් අපි හරි දේ කළොත් අපිට සතුටු වෙන්න පුලුවන්කම තියෙනවා.

ඒ වගේම මේ සමරු ඵලකයෙත් ඇයි මුහුණු නැත්තේ කියලා ඔබතුමාලා බලනවා ඇති, වෙනදාට ජනාධිපතුතමන්ගේ, අගමැතිතුමන්ගේ, විදුලි බල ඇමතිතුමාගෙ, මගේ, ඊට පස්සේ සභාපතිතුමාගේ, ඊට පස්සේ මන්ත්‍රීතුමාගේ ෆොටෝ දාලා බෝඩ් ගහනවා අපේ බූදල් වගේ, මේවා අපේ බූදල්ද, අද මේ වියදම් කරන ලක්ෂ 65 ම, දුමින්ද අතින් ගෙනාපු සල්ලි නෙමෙයි.මේ සේරම ඔබතුමන්ලාගේ සල්ලි. මේ වතුර ටික පාවිච්ච කරන්නෙවත් නැති කොළඹ ඉන්න මනුස්සයාගේ සල්ලිත් මෙතන තියෙනවා.එහෙම නම් මේක ජනතාවගේ සල්ලි කියලා පෙන්වන්න තමයි අපි වෙනස් වෙලා අලුත් විදිහට හිතමු කියලා පෙන්වන්න තමයි අපි බෝඩ් එක පවා වෙනස් කලේ, මේකට මුහුණු ටික නැතිව- නම් ගම් ටික නැතිව මේක හැබෑවටම තමන්ගේ ව්‍යාපෘතියක් අපේ රටේ ව්‍යාපෘතියක් කියන එක පෙන්වන්න.මොකද අපි දන්නවා අද අපිට අපේකම -අපේ රට කියන එක නැති වෙලා.අද අපිට තියෙන ප්‍රශ්නත් එක්ක අපි මේ සියල්ලම පැත්තකින් දාලා තියෙනවා.දැන් අපි සියලු වාද භේද පැත්තකින් තියලා එකට එකතු වුණොත් තමයි මේක ජයග්‍රහණය කර ගන්න පුලුවන්කම තියෙන්නේ.ඒ දවස තමයි ඉස්සරහට එන්නේ, ඒ වෙනුවෙන් අපි හැමෝම කළකිරීම් නැතිව, අවබෝධයෙන් බලාගෙන ඉන්න ඕන කොහොමද අපි මේ තැනට ගේන්නේ කියලා.

ඉදිරියේදී අපි නිවාස ලක්ෂයක කිලෝ වොට් 05 බැගින් සූර්ය පැනල සවි කරනවා.ඒ අනුව මෙගා වොට් 500 ක් නිෂ්පාදනය කරනවා.ලංකාවේම අඩු ආදායම් නිවාස ලක්ෂයක අපි මේක සවි කරනවා.ඒ හරහා සෑම නිවසකටම රුපියල් 2500 බැඟින් අපි ගෙවනවා.අවුරුදු 15 කට පස්සේ සම්පූර්ණ ආදායම තවත් අවුරුදු 07 ක් යන තුරු ඒ පවුලට ඉතිරි වෙනවා.අද සමෘද්ධිලාභීන් ඉන්නවා.සමෘද්ධිය පටන් ගත්තේ 1994 දී, එදා 1994 දීපු කෙනාට අදටත් සමෘද්ධිය දෙනවා.එහෙනම් ඒක සමෘද්ධියක්ද? සමෘද්ධිය යම් කිසා කාළ සීමාවකට දෙනවා, ඒ කාළ සීමාවේ නැගිටින්න ඕන, නැගිට්ටේ නැත්නම් එයා බලාගන්න ඕන.එහෙම නැත්නම් රටේම ඉන්න මිනිස්සුන්ගේ සල්ලි වලින් අවුරුදු 20 ක්, 30 ක් නිකං කන්න දිදී ඉන්න අවශ්‍ය නෑ, එහෙම දෙන්න ඕන පවුලුත් ඉන්නවා.හැබැයි සමස්ථ පවුල් ටිකට එහෙම දුන්නොත් රටක් නැගිට්ටවන්න පුලුවන්ද? ඒ නිසා තමයි මම ආණ්ඩුව යෝජනා කලේ, අසරණ පවුල් ලක්ෂයක් මට දෙන්න සමෘද්ධියෙන්, සමෘද්ධි ආධාර ලෙස ආණ්ඩුවෙන් ගෙවන මුදල රුපියල් 1000 වෙන්න පුලුවන්, 1500 වෙන්න පුලුවන්, ඒ මුදල ආණ්ඩුව වැය කරන්නේ නැතිව ඒ පවුල් ලක්ෂය මට දුන්නොත් මට පුලුවන් හැම පවුලටම රුපියල් 2500 ය ගානේ පවුල් ලක්ෂයකට දෙන්න.ඒ අය ගැන ආයේ ආණ්ඩුව වගවෙන්න ඕනකමක් නෑ .රට හදනවා නම් අපි වෙනස් විදිහට හිතලා රට වෙනස් කරන්න ඕනකම තියෙනවා. යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා ඇතුළු නිළධාරීන්, රාජාංගනය ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් වන සුමේද වීරසිංහ, නිමල් ජයවීර යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු ගොවි ගෙවිලියන් හා ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

Post Views: 11
Previous Post

තහනම් ධීවර දැල් කිලෝ ග්‍රෑම් 1418ක් සමඟ සැකරුවෙකු මන්නාරමේදී අත්අඩංගුවට

Next Post

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

editor

editor

Next Post

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

7 August 2025
රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

7 August 2025

Recent News

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

7 August 2025
රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

7 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved