• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් කරනවා -ඇමැති ප්‍රසන්න

9 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ රුපියල් මිලියන 147ක මුදල නැවත නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බවයි. එම මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් මෙම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම වළව්ව දළදා මාළිගාවට පවරා දිම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මීට මාස හයකට පමණ පෙරදීද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණ.

එහෙත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අණාවරණය විය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවට මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදෙන්න උපදේශක කාරක සභාවට සහභාගීවෙන නිළධාරීන් කටයුතු කළ යුතු බවයි. තම අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව මීට කලින් පැවැත්වුවේ මාස තුනකට පෙර බව කී අමාත්‍යවරයා එම උපදේශක කාරක සභාවට ඉදිරිපත් වුණ ගැටළු තවම විසඳී නොමැති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒ පිළිබඳවව අමාත්‍යංශ නිළධාරීන්ට දැඩිව දෝෂාරෝපණය කළේය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසිය “අපි එකම මෙතන එකම දේ සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා දිග්ගස්සන්න බැහැ. ඉතාම කෙටියෙන් ඉවර වෙන්න ඕන. ඒ නිසා උපදේශක කාරක සභාවට එන්න කලින් රාජ්‍ය ආයතනවල නිළධාරීන් රැස්වෙලා සාකච්ඡා කරල පසුවිපරමක් කරන්න. රාජ්‍ය ආයතනවල ඉක්මනට වැඩක් කෙරෙන්නේ නැහැ. වැඩ පරක්කු වෙනව කියල කියන්නේ රජයට ආදායම් අහිමි වෙනවා කියන එකයි.”
වේයන්ගොඩ ආහාර ගබඩාව පිහිටි අක්කර 50-60 විශාලත්වයකින් යුතු ඉඩම පිළිබඳවද උපදේශක කාරක සභාවේදී සාකච්ඡා විය. එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ වෙළඳ අමාත්‍යංශයට අයිතිව තිබෙන එම භූමිය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් හෝ මධ්‍යම පාංතිකයන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යොදා ගැනීම සුදුසු බවයි. ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට වෙළඳ අමාත්‍යංශය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, අමාත්‍ය මණ්ඩලයට ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,සහන් ප්‍රදීප්, සම්පත් අතුකෝරල,ගුණතිලක රාජපක්ෂ,චන්දිම වීරක්කොඩි,ජගත් කුමාර,වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Post Views: 2
Previous Post

තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක්

Next Post

රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් ජල පෙරණයක් නල්ල මුදාව විද්‍යාලයට

editor

editor

Next Post

රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් ජල පෙරණයක් නල්ල මුදාව විද්‍යාලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැලිගම මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබූ සැකකරු ගැන අනාවරණයක් (video)

වැලිගම මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබූ සැකකරු ගැන අනාවරණයක් (video)

16 July 2025
අලුතින් O/L ලියන අයට විෂයන් 07යි

අලුතින් O/L ලියන අයට විෂයන් 07යි

16 July 2025
සම සෙනෙහස් කතා පාපයක්ද? ඉස්සරත් ඔය නාඩගං තිබුණද?

සම සෙනෙහස් කතා පාපයක්ද? ඉස්සරත් ඔය නාඩගං තිබුණද?

16 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

මව්පියන්ගේ නොසැලකිල්ලෙන් පුංචි දරුවෙක්ට අත් වූ අවාසනාවන්ත ඉරණම

16 July 2025

Recent News

වැලිගම මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබූ සැකකරු ගැන අනාවරණයක් (video)

වැලිගම මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබූ සැකකරු ගැන අනාවරණයක් (video)

16 July 2025
අලුතින් O/L ලියන අයට විෂයන් 07යි

අලුතින් O/L ලියන අයට විෂයන් 07යි

16 July 2025
සම සෙනෙහස් කතා පාපයක්ද? ඉස්සරත් ඔය නාඩගං තිබුණද?

සම සෙනෙහස් කතා පාපයක්ද? ඉස්සරත් ඔය නාඩගං තිබුණද?

16 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

මව්පියන්ගේ නොසැලකිල්ලෙන් පුංචි දරුවෙක්ට අත් වූ අවාසනාවන්ත ඉරණම

16 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැලිගම මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබූ සැකකරු ගැන අනාවරණයක් (video)

වැලිගම මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබූ සැකකරු ගැන අනාවරණයක් (video)

16 July 2025
අලුතින් O/L ලියන අයට විෂයන් 07යි

අලුතින් O/L ලියන අයට විෂයන් 07යි

16 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved