27 April 2024
#දේශීය

රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් ජල පෙරණයක් නල්ල මුදාව විද්‍යාලයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන නල්ලමුදාව ගම්මානයේ ජනතාව වන අලි සමඟ ඉතා දුක්ඛිත ජීළුිතයක් ගෙවන ගම්මානයකි.

මෙම ගම්මානයේ ජනතාවට වනඅලි ගැටළුව තරම්ම ල්‍රබල ගැටවවක් බවට පිරිසිදු පානිය ජලය ලබා ගැනීම ගැටළුවක් වී තිබිණි.මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීණගෙන් ඉල්ලීම් කළ ද කවදාවත් ඒ සඳහා නිසි විසඳුමක් නොලැබුණි.දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් ආශ්‍රිතව ප්‍රතිආශ්‍රිත ජල පෙරණ තිබුණ ද එප්පාලව නල්ලමුදාව පාසැලේ දරුවන්ට එය සැමදා සිහිනයක් වෙමින් පැවතුණේ දෙමාපියන් සියළුදෙනාම පාහේ ගොවිතැනින් ජීවතය සරි කර ගන්නා නිසාය.

මේ පිළිබඳ අවධානය යොමු කරමින් ශකත්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සිංහ සමාජ 306 C 2 දිස්ත්‍රික්කයේ මහරගම සෙන්ට්‍රල් සිංහ සමාජයේ සිංහ නිලාන් විරසිංහ මහතා සහ සිංහ කාන්තා ප්‍රියංගි වීරසිංහ මහත්මියගේ පූර්ණ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පෙරණ යන්ත්‍රය ඊයේ දිනයේ නල්ලමුදාව පාසැල් දරුවන්ට සහ ප්‍ර්වාසීන්ගේ පරිහරණය සඳහා ලබා දීඹ එම දෙපළගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාව සඳහා අවට පාසැල් වල විදුමහල්පතිවරුන් මෙන්ම සංහ සමාජ පිරිසක් ද එක්විය.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *