27 April 2024
#ක්‍රීඩා

ඊලඟ ජනපති අපේක්ෂකයා දිනේෂ් නම්

රාජපක්ෂ පවුලේ අය එක්ක රටේ අනාගතය තීන්දු නොකර ඊළඟ පාර අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන කිව්වා නම්, අන්න අපිත් පොඩ්ඩක් හැරිලා බලන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර නැගෙනහිර ආසන බල මණ්ඩලය අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ප්‍රථිසංවිධාන කටයුතු අවසන් කර ඉදිරි වර්ෂයේ එන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන යෝධයා නැවත වතාවක් නැගිට්වලා, ඒ යෝධයා සමඟ අත්වැල් බැඳගන්නා තරුණ බලවේග, වෘත්තිකයන්ගේ බලවේග, අනෙකුත් සියළුම සමාජ බලවේගයන් සමඟ ඉදිරියට යාමට සූදානම්.අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ජයග්‍රහණය කරවන කොට අපේ සන්ධානය වටා බලවේගයන් රාශියක් තිබුණා, සංවිධාන 40 ගණනක් පෙළ ගැහුණා.අපේ අරමුණ හා ඉලක්කය වී තිබෙන්නේ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහා යෝධයා, දැවැන්තයා නැවත වතාවක් නැගිට්වලා ඒ බලවේග සියල්ලම පක්ෂය වටා එකතු කර ගෙන සියලු බලවේගයන් එක මිටට හරි අතට අරගෙන ඉදිරියේ එන පළාත් සභා, ජනාධිපති, පාර්ලිමේන්තු ඕනෑම මැතිවරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමේ අරමුණින් මේ ගමන අපි ආරම්භ කරලා තියෙනවා යැයි අමාත්‍යවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *