27 April 2024
#ක්‍රීඩා

ජනපති පොළොන්නරුව ලක්ෂඋයනේ සංචාරයක

”පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිරික්ෂණයට ලක් කෙරිණි.

ඒ, අතරතුර පොළොන්නරුව, ලක්ෂඋයන ගම්මානයේ ගිනිපෙට්ටි පාලමට නුදුරින් ඇති සපත්තු පාලම ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්විය.

එහිදී ජනාධිපතිවරයා වාරිමාර්ග නිලධාරින්ට උපදෙස් දුන්නේ එම සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසයි.

එම ස්ථානයට පැමිණ සිටි තම ප්‍රදේශවාසී ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *