• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10 ක් ඇතුළත මෙරට දියුණු කළ හැකියි – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

4 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10 ක් ඇතුළත මෙරට දියුණු කළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් 02 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා අදහස් ලබාගැනීමට විශ්ව විද්‍යාල නියෝජනය කරන ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කැඳවා තිබූ අතර ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කරන මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් මේ සම්බන්ධයෙන් තම අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීම සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මෙරට නිෂ්පාදන ආර්ථිකය වැඩිකරගැනීම අවශ්‍ය වන බවත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීම වැදගත් වන බවත්ය.

උදාහරණ ලෙස වියට්නාමයේ නිෂ්පාදන ආර්ථිකයට ප්‍රමුඛතාවක් ලබා දී තිබෙන බවත් මෙරට සේවා ආර්ථිකයක් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම මෙරට දේශපාලන ස්ථාවරභාවයක් පැවතීම විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණීමේදී වැදගත් වන බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

තවද 1960 දශකය ලෝක ආර්ථිකයේ සක්‍රීයම කාලසීමාව ලෙස පැවති බවත් පරිගණකය හඳුන්වාදීම මගින් ලෝක වෙළඳාම පුලුල් වූ බවත් හෙතෙම පැහැදිලි කළේය. එසේම කොවිඩ් කාලසීමාව තුළදී මෙරට අපනයන සම්පූර්ණයෙන්ම පාහේ නැවතුන බවද පෙන්වාදුන් ඒ මහතා මෙරට දුප්පත් ජනතාවට ආහාර ලබාදීම වෙනුවෙන් මුදල් සහන ලබාදීමට සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට මෙම කාලසීමාව තුළ මුදල් මුද්‍රණය කිරීමට සිදුවූ බවත් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මේ වන විට 70% පමණ පැවති උද්දමනය මහ බැංකුවේ මැදිහත්වීමෙන් 10% ක පමණ තත්ත්වයට පාලනය කිරීමට සමත් වී ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළේය. එසේම අද වන විට සේවා වියුක්තියේ පුරෝකථනයක් පවතින බවත් නිවැරදි ගණනය කිරීමක් නොපවතින බවත් ඒ මහතා පැවසීය.

තවද මෙහිදී අදහස් දක්වමින් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා පෙන්වාදුන්නේ නිෂ්පාදකයන් ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙළක් මෙරට නොපවතින බවයි. එසේම ආර්ථිකය සම්බන්ධයෙන් ස්ථිර ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දුන්නේය.

වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමින්ද පෙරේරා මහතා පෙන්වා දුන්නේ මෙරට ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය පටලවාගෙන ඇති බවයි. මේ නිසා ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් මෙරටට අවශ්‍ය බව මහචාර්යවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා හොඳම උදාහරණය ඉන්දියාව බවත් එරට ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය සමග බද්දවී නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාද මෙහිදී අදහස් දක්වමින් කරුණු 5ක් පිළිබඳ පැහැදිලි කළ අතර එම අදහස් ලිඛිතව මෙම කමිටුව වෙත ලබාදීමටද කටයුතු කරන බව පැවසීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා පෙන්වා දුන්නේ තොරතුරු පසු විපරම් කිරීම සඳහා මෙරට ඒකකයක් නැති බවයි. මේ නිසා ආර්ථික බුද්ධි තොරතුරු ඒකකයක් මෙරටට වැදගත් වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම මහාචාර්ය බන්ධුල ජයතිලක මහතා පෙන්වා දුන්නේ විදේශ විශ්ව විද්‍යාලවල සහායද මෙම අංශ කෙරෙහි ලබාගත යුතු බවයි. තවද මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ණය තිරසාර කිරීම සහ මෙරටට ආයෝජන ලබාගැනීම පිළිබඳව පැහැදිලි කරන ලදි. විශේෂයෙන්ම මෙරටට ආයෝජකයන් පැමිණීමේදී ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගයන් සපයාදීමේ අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, (මේජර්) ප්‍රදීප් උඳුගොඩ සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන්ද සහභාගී වූහ.

Post Views: 4
Previous Post

ඒකීය රටක් තුළ බලය බෙදීමට එකඟයි – ඇමති ප්‍රසන්න

Next Post

ජය ශ්‍රී ලගේ ඩයමන්ඩ් කතාව දැකගන්න

editor

editor

Next Post

ජය ශ්‍රී ලගේ ඩයමන්ඩ් කතාව දැකගන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved