27 April 2024
#විලාසිතා

ජය ශ්‍රී ලගේ ඩයමන්ඩ් කතාව දැකගන්න

ජය ශ්‍රී රෝහිත හා රෙ‍ාහාන්ගේ හඬින් ගැයෙන ‘මතුවෙන්න – The Diamond Story’ ගීතය පසුගියදා ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් එළිදුටුවා.

ගීතයේ ආරම්භක පද පේළි වලින් ආමන්ත්‍රණය කරන්නේ තාරුණ්‍යයටයි. ජයගන්නට හැකි තුරුම්පුවක් වගේ තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන නැගී සිටින්නට කියන පණිවිඩය මේ ගීතයෙන් පවසනවා.

‘සිව්කොණ එකතුවෙලා
ජය කණුව සොයනා වෙලේ
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍
ජයගන්නට හැකි තුරුම්පුවක් වී
ලොවටම පෙන්වන්න
මතුවෙන්න – පණදෙන්න
රුවි‍තේ – විඳගන්න
ජයගන්න’

අපේකම ජාත්‍යන්තරයට ගෙනගිය ජය ශ්‍රී ලා මෙතෙක් කාලයක් ප්‍රසංග වේදිකාව තුළ ගයපු ගීත වලට වඩා වෙනස් ගීතයක් ලෙස මේ ගීතය හඳුන්වන්නට හැකියි‍. මේ ගීතයේ තියෙන විශේෂත්වය, ජය ශ්‍රී කණ්ඩායම පූර්ණ කාලීනව රට තුළ නොරැඳුණත් අපේකම අගයන ඔවුන්ගේ වටිනාකම් යළි යළිත් සිහිපත් කරවන නිර්මාණයක් වීමයි. සමන් අමුණුකන්දගේ පද හා රූප රචනයෙන් සුන්දර ‍වුණු මේ ගීතයට සංගීතය මුසුකර තිබෙන්නේ ජනප්‍රිය ගීත ගණනාවක සංගීත නිර්මාණ ශිල්පියා වෙන රැප්සිලා (සාරංග දිනේෂ්).

ලංකා‍ව පුරාම ගිහිං මේ ගීතයේ රූප රචනය කරලා තියෙන නිසා, ලංකාවේ හිටියත් තවමත් අපි දැකලා නැති ලස්සන තැන් ගණනාවක් ඉන් දැකගන්නට පුළුවන්. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ අපේ රටේ තියෙන ආකර්ශණීය තැන් ගණනාවක් මෙහි වෙනස් විදියට දැකගන්නට හැකියි.

ඩයමන්ඩ් සංකේතය ‘මතුවෙන්න’ ගීතය පුරාම දැකගන්නට හැකියි. ජය ශ්‍රී ලා පහුගිය කාලේ කතා කළෙත් මේ ඩයමන්ඩ් ගැනයි. ගීතයේ ආරම්භයේදී දර්ශනය වෙන්නේ ඩයමන්ඩ් එකක් ඇතුළට ජය ශ්‍රී ලා යනවා වගේ ෂොට් එකකින්. මේ ඩයමන්ඩ් එකේ අභිරහස මොකක්ද කියන එක ‘මතුවෙන්න’ ගීතය තුළින්ම දැකගන්න. පිවිසෙන්න.

https://www.youtube.com/watch?v=S-1ojnwe1qY

Leave a comment

Your email address will not be published. Required fields are marked *