• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසය වන විට ලැබෙන බව විශ්වාසයි – ඇමැති නිමල්

18 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

2024 සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවලින් තොර කඩා වැටුණු ජාතික ආර්ථිකය ගොඩ නැගීමේ දිගු කාලීන වැඩපිළිවෙලක ආරම්භයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ‍” මෙවර ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවකින් තොරව කඩා වැටුණ ජාතික ආර්ථිකය ගොඩනැගීමේ දිගුකාලීන වැඩපිළිවෙළක තවත් ආරම්භයක් සනිටුහන් කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් ඇතුළු ප්‍රතිපත්ති මේ අයවැයේ ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. ඇතැමුන් එය මැතිවරණ අයවැයක් ලෙස හඳුන්වනවා. නමුත් මෙය එවැනි මැතිවරණ අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ අයවැයක් නොවෙයි. එය මැතිවරණ ඉලක්ක කර ඉදිරිපත් කළ අයවැයක් නම් සංවර්ධනයට අදාළ යෝජනා හා ප්‍රතිපත්ති සියල්ල අමතක කර ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු අසීරු තීන්දු තීරණ නොගෙන සිටීමට තිබුණා. ඒ වගේම මුදල් මුද්‍රණය කර හෝ සාමාන්‍ය ජනතාවට තවත් සහන සැලසීමට ඉඩ තිබුණා. පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධතා හේතුවෙන් රටේ දේශපාලන හා සමාජ ස්ථාවරත්වය නැති වී ගොස් තිබුණා. දේශපාලන සහ සමාජ ස්ථාවරත්වයක් නැති රටකට මූල්‍ය ආධාර, ණය පහසුකම්, ආයෝජන ලැබෙන්නේ නැහැ. මේවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට පැවති පාලනය අසමත් වුණා. එම තත්ත්වය කළමනාකරණය කිරීමේ වගකීම භාරගැනීමට විරුද්ධ පක්ෂයට ආරධනා කළත් ඔවුන් එය පිළිගත්තේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ දුෂ්කර වගකීම භාර ගත්තේ. එතුමා තම ප්‍රතිපත්තිය පැහැදිලිව ඉදිරිපත් කළා. තමන් ක්‍රියාත්මක කරන්නේ කෙටි කාලීන ජනප්‍රිය ව්‍යාපෘති නොව දීර්ඝ කාලීනව රට ගොඩනගන ව්‍යාපෘති බව ද ඔහු අවධාරණය කළා. මෙම ප්‍රතිපත්තිය සමඟින් ජාතිය ගොඩනැගීමේ ගමනේ ඉදිරියට යාමේදී ඉහත සඳහන් කළ පරිදි ජනතාවට ජනප්‍රිය සහන සැලසීමක් අපේක්ෂා කළ නොහැකියි. නමුත් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ සමග ජාතික ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම රටේ සංවර්ධනයට බාධාවක් වූ විවිධ ප්‍රශ්න විසඳමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය පසුබිම අප මෙවර අයවැයෙන් නිර්මාණය කර තිබෙනවා. 2024 අයවැයෙන් ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් අත්වී නැති බව ඇතැමුන් පවසනවා. නමුත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, වැඩිහිටි හා ආබාධිත දීමනා වැඩි කිරීම මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රාදේශීය සංවර්ධනය, ඉඩම් අයිතිය සින්නක්කරව ජනතාවට ලබාදීම ඇතුළු විවිධ සහන රැසක් මෙවර අයවැයෙන් ජනතාවට ලබාදී තිබෙනවා. මේ සියල්ල ලබාදීමට රජයට ආදායමක් ද අවශ්‍යයි. අප වියදම් කරන ප්‍රමාණය අනුව ආදායම ද ලැබිය යුතුයි. අය වැය කියා කියන්නේ එයයි. රජයන් බොහෝවිට මෙවැනි සහන ලබාදීමට වියදම් දරන්නේ ජනතාව වෙතින් එකතු කරගන්නා බදු ආදායමයි. ඒ නිසා අප වියදම් සහ ආදයම් අතර සමබරතාවයක් පවත්වා ගත යුතුයි. පවතින තත්ත්වය යටතේ ජනතාවට තවත් සහන ලබාදීමට නම් බදු අයකිරීම වැඩි කරන්න සිදුවෙනවා. මේ යාන්ත්‍රණය ජනතාව තේරුම් ගත යුතුයි. වැටුප 10,000 කින් වැඩි කළත් ඇතැම් පාර්ශ්ව වැටුප තවත් වැඩිකරන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියනවා. අපි ප්‍රායෝගිකව හිතුවොත් ඒවා ආණ්ඩු විරෝධී සටන් පාඨ පමණයි. ඒවා ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව අද මේ රටේ ජනතාවට වටහා ගත යුතුයි. ඒ වගේම ආර්ථික පරිහානියට හේතුව ලෙස පසුගිය රජය දැවැන්ත බදු සහන ලබාදීම බව විරුද්ධවාදීන් පවසනවා. ඒ විවේචනය තුළ බදු වැඩි කළ යුතුය යන්න ඔවුන් පිළිගෙන තිබෙනවා. නමුත් බදු වැඩි කළත් ඊට එරෙහිව ද සටන් පාඨ මතු කරනවා. මේ අනුව ඔවුන් එකිනෙකට පරස්පර මත දෙකක් ඉදිරිපත් කරනවා. ජනතාව මෙය තේරුම් ගත යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය දෙසැම්බර් මාසය වන විට අප වෙත නිදහස් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලට වඩා අපට වැදගත් වන්නේ ඒ හරහා අනෙකුත් ණය දෙන්නන් අප කෙරෙහි තබන විශ්වාසයයි. ඒ හරහා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට හිමි වනවා. ඒ වගේම අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරගත් පසු රටේ ඇනහිට ඇති සියලුම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි බවද සඳහන් කළ යුතුයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ද මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. එමෙන්ම අදායම් එකතු කරගැනීමේ දී ගැටළු පවතින ආයතන කිහිපයක් ප්‍රතිසංවිධානය කිරීම ද කළ යුතුව තිබෙනවා. ඒ අනුව රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවතින දූෂණ අවම කොට ඒවා රජයට විධිමත් ලෙස එකතු කර දෙන ආයතන බවට පත් කර ගත යුතුයි. මේ වන විට රජය ආරම්භ කළ ආර්ථික වැඩසටහන් සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙනවා. ඒ අනුව අද වන විට මෙරට සංචිතවල ඩොලර් බිලියන 3.5ක් පවතින බව මහ බැංකුව පවසනවා යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Post Views: 2
Previous Post

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ ඇති වූ හදිසි බිඳවැටුම ඉක්මනින් යථාතත්ත්වයට පත් කරනවා – විදුලිබල මණ්ඩලය

Next Post

‘දීඝවාපිය භාරකාර අරමුදලට ’රුපියල් මිලියන 4 ක පරිත්‍යාගයක්

editor

editor

Next Post

‘දීඝවාපිය භාරකාර අරමුදලට ’රුපියල් මිලියන 4 ක පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් වෙඩි තියයි

අදත් වෙඩි තියයි

11 July 2025
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025

Recent News

අදත් වෙඩි තියයි

අදත් වෙඩි තියයි

11 July 2025
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් වෙඩි තියයි

අදත් වෙඩි තියයි

11 July 2025
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved