27 April 2024
#විදෙස්

ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති ලෙස දිවුරුම් දෙයි

හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ ඊයේ පැවති ජාතික රැස්වීමේදී පැවැත්වූ ඡන්දයකින් අනතුරුව ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය සඳහා 176 දෙනෙකුගේ සහය ලැබිණි.

පසුගිය ජූලි මාසයේදී පැවති මැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු අගමැති ධූරය අත්කර ගැනීම සඳහා එරට කුඩා පක්ෂ සමග සන්ධානගත විණි.

65 වන වියේ පසුවන ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුව අමතමින් සිය මැතිවරණ පොරොන්දු පිළිබඳව නැවතත් අවධාරණය කළේ ය.

දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තරුණයින් සඳහා අවස්ථාව වැඩි දියුණු කිරීමටත් කටයුතු කරන බවත් පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *