27 April 2024
#දේශීය

ජනපතිගේ කිසිදු ඥාතියෙක් විදෙස් සේවයේ නෑ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ කිසිදු සාමාජිකයෙක් හෝ සමීප ඥාතියෙක් ලෙස සැලකෙන කිසිදු පුද්ගලයෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කටයුතු නොකරයි.

ජනාධිපතිතුමාගේ පවුලේ එක්තරා ඥාතියෙක් විදේශ සේවයට අයත් කාර්ය මණ්ඩලයක සේවය කරන බව සඳහන් කරමින් කිසිදු පදනමක් නොමැති සාවද්‍ය පුවතක් අන්තර්ජාලයෙහි සංසරණය වී තිබේ. එය සම්පූර්ණයෙන් අසත්‍ය හා මහජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කර ඇති පුවතක් බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *